හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරය අතරතුර තමා හිටපු ජනපති මුණ ගැසුණු බවත්, එය සතුටක් බවත්, යහපාලන රජයේ පලිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමේ අදහසක් නැති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමා යුක්රේනයේ බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට නැගෙන චෝදනාවල සත්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.
උදයංග වීරතුංග සම්බන්ධ පරීක්ෂණ ගැන පසුගිය කැබිනට් රැස්වීමේ දී ද සාකච්ඡා වූ බවත්, ඒ ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බවට අගමැති පොරොන්දු වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බදාදා (27) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා ගැනීම සඳහා හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා බ්‍රහස්පතින්දා (28) මාධ්‍ය හමුවක් කැඳවමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
වීරතුංග සෙවීමට පොලිසියේ පිරිසක් මීට පෙර විදෙස් ගත වූහ.
(ඡායාරූපය උදයංග වීරතුංග මාධ්‍ය නිවේදනය සමග එවන ලද්දකි.)
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘තායිලන්තෙදි මහින්ද හමුවීම සතුටක්‘
ජයතු Friday, 29 April 2016 02:19 PM
මෙි මුහුණු වලින් දකින්නේ කෙතරමි කරැනාවන්ත රටට අාදරයක් අැති දෙදෙනෙකු බව පැහැදිලිය.(බ)
චන්න Friday, 29 April 2016 02:27 PM
මා දෙවරක් මහින්ද වෙනුවෙන් ඡන්දය දුන්නා. මහින්ද මේ වගේ බව දන්නවනම් ගෙදර යවල හුගක් කල් (බ)
කුමාර් මෙන්ඩිස් Friday, 29 April 2016 02:55 PM
දැන් මොකක්ද වර්තමාන ආණ්ඩුව නැතහොත් නායකත්වය කරපු වරද ?මේ කරන දේවල් හරිද (බ)
මාධව Saturday, 30 April 2016 02:02 PM
ජාත්‍යන්තර රතු නිවේදනයක් තිබෙන කෙනෙක් මුණගැසෙන එක වරදක්. අනිවාර්යෙන් පොඩි මිනිහට අනුගමනය කරන නීතිය මේ වෙලාවෙදී මෙතුමන්ලාටත් අනුගමනය කරන්න (නි)
ප්‍රදීප් Friday, 29 April 2016 10:22 AM
වරදක් කරනැති නම් මොනවටද බිය වන්නේ ? ඉස්සර ට වැඩියේ දැන් නීතියේ ස්වාදීන බවක් පේනවා. (ර)
චතුරි Friday, 29 April 2016 11:42 AM
මේ වගේ අයටද කියන්නේ ,රාජ ද්‍රෝහී ,දේශ ද්‍රෝහී කියල මහින්ද කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියල මේ ඉන්නේ කවුද ගුවන් සේවා ආයතනයක් මේවගේ කෙනෙක්ට බාර දෙන්න මොලේ කොහෙද තිබුනේ (බ)
චන්දි Friday, 29 April 2016 11:45 AM
මේක වෙන අරමුණක් පෙන්නලා මෙම හමුවීටම සදහාම දාගත්ත සංචාරයක් වගේ. (ර)
වින්සන්ට් Friday, 29 April 2016 11:55 AM
අපි අපිගැනම කණගාටුවෙමු. වර්තමාන නායකත්වය ජනතාව පත්කර ගත්තේ මෙවැන්නක් ඇසිමටවත් දැකීමටවත් නම් නොවේ. (ර)
පද්මිණි Friday, 29 April 2016 12:19 PM
නීතියට අවනත නොවන බොහෝ දේට සොබාදහමේ නීතියට අවනතවීමට සිදුවෙනවා. (ර)
අමල් Friday, 29 April 2016 12:32 PM
හොඳ හමුවීමක්. සුබපැතුම්.! (ර)
මොහාන් Friday, 29 April 2016 12:49 PM
මේ මොන පිස්සුවක්ද ? මොහු අත් අඩංගුවට ගන්න ජාත්‍යන්තර රතුනිවේදනයක් තියෙනවා නේද? ආණ්ඩුව විහිළුවක් වෙලා දැන්.(බ)