IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තබ්ලා වාදක නිශාන්ත දිවි සැරිය නිමා කරයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සුප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පීයකු වන නිශාන්ත සිරිවර්ධන මහතා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) දා සවස මියගිය බව ඔහුගේ පුත් කුෂාන් සිරිවර්ධන මහතා පවසයි .

එක් දරු පියෙකු වූ ඔහු මිය යන විට 49 වන වියේ පසුවිය.

ඩයනමයිට් සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ සමන් ඇන්ඩ් ද ක්ලෑන් , මේරියන්ස් , මහේෂ් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල තබ්ලා වාදන ශිල්පියකු ලෙස සේවයේ නිරත ඔහු අවසාන වශයෙන් මනෝජ් පීරිස් මහතාගේ සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියා ලෙස කටයුතු කළේය.

මීට අමතරව මියගිය නිශාන්ත සිරිවර්ධන මහතා දෝස්ති සහ ශනිස නමින් සංගීත කණ්ඩායම් දෙකක නායකයා ලෙසද කටයුතු කර තිබේ.

තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස වසර 35 පුරා සිදුකළ සේවය අගයා හොඳම තබ්ලා වාදන ශිල්පියා ලෙස ජපාන රජයෙන් පිරිනැමූ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

 



අදහස් (0)

තබ්ලා වාදක නිශාන්ත දිවි සැරිය නිමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site