අලුතින් රූපගත කිරීම් පටන් ගත්ත ටෙලි නාට්‍යයක වැඩ මේ දවස්වල කරන්නෙ පිළියන්දල පැත්තෙලු.
දවසක් නිෂ්පාදකවරයා ඒ නාට්‍යයේ පිටපත් රචකයාට කිව්වලු පිළියන්දල දර්ශන තලයට ගිහිං, පිටපතේ පොඩි සංශෝධනයක් කරන්න. මින් පෙර මේ දර්ශන තලයට ගිහිං නැති පිටපත් රචකයා කැබ් එකක් හයර් කරගෙන පිළියන්දලින් කොට්ටාව පාර දිගේ එක්තරා හන්දියයෙන් හැරිලා යනකොට හමුවෙන ලොකු ගේක තමයි ප්‍රධාන දර්ශන තලය තිබුණෙ. මාර්ග විස්තර ටිකක් අතේ තියාගෙන දැන් ඔහු පිළියන්දල හංදියෙන් කොට්ටාව පාරට දාලා ටික දුරක් යනකොට ඩ්‍රයිවර්ට කිව්වලු වාහනේ ආපහු හරවන්න කියලා.
"ෂුටිං කරන ගේ පහුවුණා වගේ. මම දැක්කා ලොකු ගෙයක් ඉස්සරහ ලොකු ලයිට් ස්ටෑන්ඩ් 5ක් 6ක් තියෙනවා"
වාහනය ආපහු හරවලා අර නිවස අසල නතර කර පිටපත් රචකයා බැහැලා ගියාලු. නිවස තුළ කිසිම සද්ද බද්දයක් නැහැලු. ටික වේලාවකින් වයසක කාන්තාවක් එළියට ආවලු.
"අම්මෙ මෙතන ටෙලිනාට්‍යයක් ෂූටිං කරනවා නේද? කෝ ඒ කට්ටිය?"
"මොන? මෙහෙ කොහෙද ෂුටිං කරන්නේ? මහත්තයට වැරදිලාද කොහෙද?"
"එහෙනම් මේ ලයිට් ස්ටෑන්ඩ් ටික තියෙන්නෙ?" "අයියෝ මේ මාර්ග සංවර්ධන අධිකාරියේ බඩුනෙ. රෑට පාර හදන්න පටන් ගන්නකොට තමයි මේ ලයිට් ස්ටෑන්ඩ් ටික එළියට ගන්නෙ. අපි ඉතිං උදව්වක් හැටියට අපේ වත්තෙ තියලා යන්න කිව්වා. තව සතියකින් වැඩ ඉවර කරයි* ඇය කියනවාත් එක්කම ඔහු ඇවිත් වාහනයට ගොඩ වුණාලු.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැනේ පැටලිල්ලක්