ඇෆ්ගනිස්තානයේ සහ සී ෂෙල්ස් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාල අරඹන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද සීෂෙල්ස් හි වික්ටෝරියා නුවර නව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත් ළඟදීම ස්ථාපිත කෙරෙනු ඇත.
මීට අමතරව ලබන වසරේදී ඉන්දියාවේ කල්කටාහි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග විදේශ අමාත්‍යාංශය විසින් ගෙන ඇත. මේ අතර මෙම වසරේදී විදේශ අමාත්‍යාංශය නයිජිරියාවේ සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල දෙකක්ද, බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද, ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක්ද විවෘත කළේය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාපති සේවා තව දෙරටකට
ජේසන් Tuesday, 17 December 2013 02:59 PM
අර කැළණියේ එක්කෙනාළු නේද ඇප්ගනිස්ථානයට පත් කරන්නේ.(නදී)
රංජනී Tuesday, 17 December 2013 03:01 PM
හබැයි අර ජෙඩා රටට යවපු අය වගේ නම් යවන්න එපා.(නදී)
ඇන්ටන් Tuesday, 17 December 2013 01:38 AM
ඉතාම හොද වැඩක්. ඔය ඇමරිකාවට ,එංගලන්තයට ,යන්න විසා ගන්න උත්සහ කරන අය දැන් ඇෆ්ගනිස්ථානයට යන්න පොර කාවී.(නදී)
ලුම්බිණි Tuesday, 17 December 2013 04:33 AM
පහුගිය කාලය තුල කොයි තරම් රටවල තානාපති කාර්යාල පටන් ගත්තද? මේවට කොයි තරම් සල්ලි වියදම් වෙනවද එම වියදම් කරන මුදල් වලින් රටට කොයි තරම් ප්‍රයෝජනයක් වෙනවද කියල හොයල බැලුවේ කවුද? (නදී)
සමන්ත Tuesday, 17 December 2013 08:08 AM
මේක නම් හොඳ වැඩක් මොකද මෙහේ හුගක් මිනිස්සු ඉන්නවා ලංකාවෙන් ඇවිල්ලා අමාරුවේ වැටිලා. මේක ඉක්මන් කරනවා නම් හොඳයි.(නදී)
සනත් ඇෆ්ඝනිස්තානය. Tuesday, 17 December 2013 10:29 AM
ජයා අපි ඉන්න ඇෆ්ඝනිස්තානයේ. ලංකාවේ හත් අට දාහක් මෙරට වැඩ කරනවා. (නදී)
ධම්ම Tuesday, 17 December 2013 11:16 AM
අර කැලණියේ හිටපු කෙනත් ඇෆ්ඝනිස්තානෙට යවයිද? (නදී)
කෙවින් Monday, 16 December 2013 06:57 PM
හොද වැඩක්(දිල්)
ජයා Monday, 16 December 2013 07:00 PM
අනිත් රට වලට යන්න පොරකන එකේ ඇෆ්ගනිස්තානයට යන්න ඉල්ලුම් කරුවෝ කවුරුවත් නැති වේවි. (දිල්)
නලින් Monday, 16 December 2013 07:26 PM
තවත් දෙන්නෙකුට චාන්ස් එකක්.(නදී)
මහේන්ද්‍ර සුමනරත්න Monday, 16 December 2013 09:49 PM
අපි ඉන්නේ ඇප්ගනිස්ථානයේ. හොඳ වැඩක්.(නදී)