IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට

2016-03-31-ent-82

මෝස්තර නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට එක් වූ තක්ෂිලා සෙව්වන්දි මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා මෙන්ම ඩී.වී.ඩී. චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස දැනට බොහෝ නිර්මාණ ප්‍රමාණයකට දායක වී ඇති තක්ෂිලා, මේ දිනවලද ඩි.වී.ඩි චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින්නීය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අදහස් දැක්වීමට ඇය මෙලෙස "සාරවිට"ට ගොඩ වැදුණාය.

"මේ දවස්වල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඩී.වී.ඩී චිත්‍රපට 5ක රූපගත කිරීම් කරනවා. ඉතින් ටිකක් විතර කාර්යබහුලයි. දැනට මම ඩී.වී.ඩී චිත්‍රපට 25ක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී මම ඩී.වී.ඩී. චිත්‍රපට නිෂ්පාදනයටත් යොමු වෙන්න අදහසක් තියෙනවා. දැනට ඩී.වී.ඩී. චිත්‍රපට සඳහා හොඳ වෙළෙඳ පොළක් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි නිෂ්පාදනය පැත්තටත් යොමු වෙන්න අදහස් කළේ. අන්තිමට මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" කියන ටෙලි නාට්‍යයට. එහි සුළු චරිතයක් රඟපෑවා. නිළියක් විදිහට ජනතාව අතරට ගියේ ආනන්ද අබේනායක මහත්මයාගේ "අප්පච්චි" කියන ටෙලි නාට්‍යයේ මා කළ චරිතය හරහා. ඊට අමතරව මම "ශ්‍රී දළඳාගමනය", "විජය - කුවේණි" හා "ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණෝ" කියන චිත්‍රපටවලත් රංගනයෙන් දායක වූවා."

 

බුද්ධික සේනාධීර

 

2016-03-31-ent-83



අදහස් (0)

තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site