
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
නොවැම්බර් 26 වැනි දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ළගා කරගත් ප්‍රගතිය සහ තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා දැක්වූ සාමූහික ප්‍රයත්නය පෙන්වා දෙමින් ප්‍රකාශයක් නිකුත් කළාය.
ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් සහාය ඇතිව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එය ණය තිරසාරභාවය සහ බාහිර ශක්‍යතාව යථා තත්ත්වයට ගෙන ඒම, පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීම සහ ආර්ථික පාලනය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම ආදිය අරමුණු කර ගෙන ඇති බවද ජෝර්ජිවා මහත්මිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්