IMG-LOGO

‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘

චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එම නීතිමය බාධක ඉවත් කළ පසු සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම් කඩිනම් කරන බවත් මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් මහජන බැංකු අසාදු ලේඛණගත කිරීම පිළබඳව අවධානය යොමු කර ඇති බව කියන මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව එම ණයවර ලිපියට ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වගකිවයුතු ආයතනික පුරවැසියෙක් ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැදී සිටින බැවින් යැයි ද එම නිවේදනය මගින් සඳහන් කරයි.



අදහස් (7)

‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 October 2021 05:11 PM

අපේ රටේ අධිකරණ තීන්දු ගන්න චීනාට ඕනෑ විදිහට බැහැ. චීනයෙන් බ්ලැක් ලිස්ට් කළාට අසූචි මිශ්‍ර පොහොර නැවේ කතාව කාටත් රහසක් නොවේ. මේ බ්ලැක් ලිස්ට් කෙරිල්ල කුමක් නිසාද යන්න දන්නෝ දනිති. මේ චීනා මේ දඟලන්නේ අපිව බයකොට අසූචි මිශ්‍ර කොම්පෝස්ට් පොහොර නැව් ගණන් ගෙනැවිත් මේ රටේ පුරවන්න...

:       0       12

fairoosSunday, 31 October 2021 12:57 PM

ඒවා කොහේද අපේ සර් එක්ක..?

:       0       0

ranjan Friday, 29 October 2021 06:14 PM

දැනටම පේනවා නේද අනවශ්‍ය බලපෑම් කරන ආකාරය... තව තියෙන රටේ සම්පත් ටික දුන්නාම අනාගත දරුවන්ට මොනතරම් කරදර ඇතිවෙයිද? දැන්වත් බුද්ධිමත්ව හිතන්න.

:       0       0

kamal Friday, 29 October 2021 06:38 PM

මේ රටේ නීතියට අභියෝග කිරීමට චීන සමාගමකට හා චීන තානපති කාර්යාලයට හයියක් ලැබුනේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. එසේම නිරෝධායන සහතිකය නැතිව ණයවර ලිපිය විවෘත කිරීමට අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්නත් සොයා බලා රට දැනුවත් කරන්න.

:       0       0

ගොවිරාළ Friday, 29 October 2021 09:32 PM

ඒ කියන්නේ ගෙනාපු චීන අසූචි වල මොනවා තිබුණත් අධිකරණ නියෝගය නැත්නම් ගෙවීම් කරලා මිලදී ගන්නවා කියලා නේද?

:       0       8

Demuni Uduwara Saturday, 30 October 2021 03:12 AM

නීතියට උඩින් කවුරුවත් නැහැ...

:       0       0

Perera Saturday, 30 October 2021 10:03 AM

ඕවා කියන්න චීන තානාපතිටයි... චීන ආණ්ඩුවටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site