IMG-LOGO

ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හළට ඩිසල් ලබා  නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක්  අද (10) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කර ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් අවහිර කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා දීම දින 10 ක් පුරා  ඛනිජ තෙල් සංස්ථාව මග හැර ඇති බව උද්ඝෝෂකයෝ කියති.

මේ හේතුවෙන් තම වාහන වලට ඩිසල් සොයා ගැනිමට වෙනත් ඉන්ධන හල්වෙත ගොස් දින පහ,හය නිදි මරමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.

මේ පිළිබදව එහි කළමණාකාරිත්වයෙන් කළ විමසිමේදි පවසා ඇත්තේ ඩිසල් සදහා මේ වන විට මුදල් ගෙවා ඇතත් ඩිසල් ලබා නොදුන් බවයි.

ඩිසල් ලබා දීම සිදුකරන ලෙස ඉල්ලා ඩිසල් රැගෙන යාමට වාහන වලින් හා කෑන් රැගෙන පැමිණි පිරිස්  මාර්ගය වාහන හා කෑන් දමා හරස් කර තිබෙන ආකාරය දැක ගත හැකිය.

පොලිසිය මෙම පිරිස සමග සාකච්ජා කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීමෙන් විකල්ප මාර්ග වලින් වාහන ගමන් කරවිමට පොලීසියට සිදුව තිබේ.



අදහස් (1)

ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි

Lalith M Sunday, 10 April 2022 09:28 AM

මේ දවස්‌වල ආණ්ඩුව නෑ වගේනේ.කාටද කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 962 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site