IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි

(අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාල යටත් , පැවරෙනු ඇත.

ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර ,මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනු ඇත . ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (7)

ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි

Sam Monday, 21 March 2022 02:33 AM

අහන්නත් සතුටුයි, මේවායේ ඉන්නේ දේශපාලකයන් ගෙ නෑයෝ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තුවෙන මෙලො වැඩක් නැති සුදූ අලි

:       0       0

ලුම්බිණි Monday, 21 March 2022 04:22 AM

ඔය ඔක්කොම වහල දාන්න.

:       0       0

Hafeel Monday, 21 March 2022 08:32 AM

ජනාධිපතිට අවුරුදු දෙකක් අහිමි වුනාලු. ඉතුරු අවුරුදු තුන හොඳටම කරනවලු. දැන් යන විදියට ඉතුරු අවුරුදු තුන බලයේ ඉන්න ඔනද කියල ජන මතයක් තිබ්බ නම් හොඳයි.

:       0       0

සෙනෙවිරත්න Monday, 21 March 2022 09:54 AM

ඔවයෙ ඉන්න තම තමන්ගෙ ඥාතීීනට මොකද කරන්නෙ ඇමති තුමා? මෙහෙන් ජෝබ් හොයල දෙමුද?

:       0       0

Sanath italy Monday, 21 March 2022 01:33 PM

අනේ පුලුවන්නම් මේ ඉතාලියෙ තියන කාර්‍යාලයත් වසා දමන්න. රටටත් වැඩක් නැහැ මෙහෙ ඉන්න අපිටත් වැඩක් නැහැ . පාන්දර 3ටයන්න ඕනෙ පෝලිමට නො 60යි දෙන්නෙ. සමහර මිනිස්සු කිමි.800-900දුර ගෙවාගෙන එන්නෙ නිවාඩු දමාගෙන ඒත් වැඩක් නැහැ . සුලු පිරිසක් නිලදාටින් සමග ඩීල් දමාගෙන මුදලට හැම වැඩක්ම කරන්නෙ.

:       0       0

ජන හඩ Monday, 21 March 2022 04:57 PM

එන එන ආණ්ඩුවෙලට හෙත්තුවෙලා රස්සා ලබාගෙන අතිරික්ත සේවකයන් පිරුණු එහෙත් වැඩ බැරි වූවන් පිරි ලාංකිකයන්ට රැවුම් ගෙරවුම් දාන රටට සේවය අවම වශයෙන් සලසන සෝබන වැඩි අමාත්‍යයාංශයකට වූ දේ කණගාටු දායකය.

:       0       0

sampath Monday, 21 March 2022 10:46 PM

මේවානම් තිබුණා නැතා කියලා මහවැඩක් වෙන්නේ නැහැ. ඩොලර් උපයනවට වඩා ඩොලර් කන එකයි වෙන්නේ මේ කියන විදිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site