IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි

(රෝෂන් තුෂාර)

ආගමන හා විගමන  පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා  වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා කරමින්   හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට  එරෙහිව රහස් පොලිසිය විසින්  පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය ලබන 24 වැනි දිනට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා  සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසට නියෝග කරමින් අද(15) නොතීසි නිකුත් කළේය.

ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ  භාරකාරවරයාට මෙසේ නොතීසි නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝෂමක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

හෝකන්දර පදිංචි ඩයනා ගමගේ හෙවත් හේවගේ  නයනා සමන්මලි හෙවත් ඩයනා නතාෂා කැකුණදුර  විත්තිකාරිය කරමින් මෙම නඩු හත පවරා ඇත.

2014 ජනවාරි මස 2 0 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම,වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම,2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා ,2017 ජූලි මස 17සිට 2018 ජූලි මස 16 දින දක්වා,2018ජූලි මස 17සිට 2019 ජූලි මස 16 දක්වා,2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ ගොනු කළ නඩු හත ගොනුකර ඇත.

ඊයේ දින ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට, නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර ඇති පැමිණිලිකරුට  ඔක්තෝබර් 24 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නොතීසී නිකුත් කළේය.

නඩුව විභාගය ලබන 24 දින සිදු කිරීමට නියමිතය.



අදහස් (2)

ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි

ජගත් ලියනගේ Tuesday, 15 October 2024 03:36 PM

ඔය නඩු සියල්ලටම වැරැදි කාරයෙක් ව‍ුණොත්, ඔය ඩයනාට ආත්ම දෙක තුනක්ම හිරේ ඉන්න වෙයි.

:       0       3

ජයම්පති Tuesday, 15 October 2024 07:29 PM

හොර මන්ත්‍රී හා හොර ඇමැති පට්ටමක් දරමින් මහජන මුදල් අවභාවිතා හා මහජන මුදලින් වරප්‍රසාද ලබාගැනීම උදෙසා චෝදනාවක් නැතිද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site