IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩිජිටල් රියැදුරු බලපතට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිටිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, දැනට භාවිත කරනු ලබන රියැදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීමටත්, එතෙක් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රම වේදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

 



අදහස් (3)

ඩිජිටල් රියැදුරු බලපතට කැබිනට් අනුමැතිය

රුවන් Tuesday, 10 December 2024 02:23 PM

ඕක මහින්ද ආණ්ඩුව කාලේ 2009/10 ඉදන්ම තාම කොට උඩ නේද?

:       1       5

Kamal Koyrala Tuesday, 10 December 2024 03:00 PM

එහෙනම් පොලිසියෙන් දෙන කඩදාසි කෑල්ලත් තහනම් කරන්න ඕනෑ ඒ වෙනුවට වෙනත් විකල්පයක් සොයා ගැනීමට සහ පොලිසිය බාරයට බලපත්‍ර ගැනීම වළක්වා ලිය යුතුයි

:       0       9

de silva berlin Wednesday, 11 December 2024 08:40 AM

කාර්ඩ් එක ප්‍රින්ට් කරගන්න බැරිව දඟලන දෙපාර්ර්තමේන්තුවේ ඔය ඩිජිටල් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම හත්පලේම ගාගන්නවා. ඔක්කෝටම වැඩිය හොඳ අර ඉස්සර තිබුණු කළු සුදු කාර්ඩ්පත, ජීවිත කාලෙටම එකයි. කිසිම රස්තියාදුවක් නොමැත. යුරෝපේ ලෝකේ දියුණු රටවල තවමත් දෙන්නේ කාර්ඩ් පත මිසක් වෙන දෙයක් නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site