IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටෙලි‍ෆෝන් බිල වළඳයි

2016-04-04-ent-29නාරාහේන්පිට පැත්තෙ ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ආයතනයක් තිබෙනවා... මේ ව්‍යාපාරෙ සෞඛ්‍ය සේවා සැපයීමට සම්බන්ධයි. මෙතන පාලක මණ්ඩලේ ඉන්න උදවියට එක මණ්ඩල රුස්වීමකට ගෙවන මුදල රැපියල් අසූදාහක් කියලා ඇහුවම අපි පුදුම වුණා. මේ තරම් ගෙවීමක් ලබා ගත්තත් මේ මණ්ඩලේ ඉන්න සමහර අය සෞඛ්‍ය තියා භූගෝලෙවත් දන්නෙ නැතිලු... හැබැයි එයාල මේ ආයතන මුදලින් සැප විඳින හැටිනම් දන්නවය කියලයි එතන සේවකයො කියන්නෙ...

මේ ළඟදි එතන පාලක මණ්ඩලේ ඉන්න එක්තරා අමුතු ඇඳුම් අඳින කෙනෙක් තමන්ගෙ මාසික ටැලිෆෝන් බිල ගෙවන්න කියලා ගණකාධිකාරිට ඉදිරිපත් කළා. ඉතින් ගණකාධිකාරි තැනට මේ බිල දැක්කම හීන් දාඩිය දාන්න පටන් ගත්තා... අපෙ අප්පේ... ඒ මාසෙ බිල රැපියල් එක්ලක්ෂ පනස් පන් දාහලු. මේ වගේ අධික ටෙලිෆෝන් බිලක් කවදාවත්ම දැකලා නැති ගණකාධිකාරි කිව්වා අනෙ අම්මේ මේ බිල මට නම් ගෙවන්න බැහැ. ඕව ගෙවල අපිටයි පොලිසි උසාවි ගානෙ යන්න වෙන්නෙ කියලා...

ඒත් අර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රබල චරිතයක්. එයා කියන විදියට එයාලලු මේ ආණ්ඩුව ගෙනාවෙත්... එක්තරා බලවත්ම ඇමැති කෙනකුට පට්ටම අරන් දුන්නෙත් එයාලු. මේ මොන කතා කිව්වත් රටේ මුදල් නීතිය හැටියට ඔය බිල නම් ගෙවන්න බැහැ කියලලු ගිණුම් අංසෙ කට්ටිය ප්‍රකාශ කරන්නෙ...
ඒ කොහොම වුණත් අපි තමයි මේ ආණ්ඩුව හැදුවෙ අපි තමයි ජනතාව දුකින් මුදවන්නෙ කියන අය මේ විදියට මහජන සම්පත් වළඳන්න ගත්තොත් මේ ආයතනෙට අබ සරණයි කියලයි සේවකයො කියන්නෙ.

 

DESHAYA



අදහස් (0)

ටෙලි‍ෆෝන් බිල වළඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site