
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට පෙර ඝාතනය කිරීමට සැලසුම් යැයි චෝදනා එල්ල වී තිබෙන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සැලසුමකටද හවුල් බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද(09) ප්‍රකාශ කළේය.
ඉරාන හමුදාව මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සැලසුමකට සහාය ලබා දෙන ලෙස ෆර්හාද් ශකේරි දැනුම්දී ඇති බවත් බුද්ධි තොරතුරු ලැබුණු වහාම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව සංචාරකයන්ට අනතුරු ඇඟවීමට කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කළ වාර්තාවේ සඳහන් වේ..
ෆර්හාද් ශකේරිට සහ තවත් ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනකුට ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කළේය.
ෆර්හාද් ශකේරිට ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාවද කාර්ලිස්ල් රිවේරා සහ ජොනතන් ලෝඩ්හෝල්ට යන ඇමෙරිකානුවන් දෙදෙනාට ට්‍රම්ප් ඝාතන තැතට සහාය දැක්වූ බවට චෝදනාවද එල්ල වී ඇත
නමුත් තවමත් ෆර්හාද් ශකේරි අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු ටෙහෙරානයේ සැඟව සිටින බවට විශ්වාස කරන බවත් එම වාර්තාවේ දැක්වේ . ෆර්හාද් ශකේරි ඝාතන තැත සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවද අධිකරණ දෙපාර්තමේන්තුව ගොනු කළ වාර්තාවේ සඳහන් වේ.
එහිදී පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඉරාන හමුදාව පණිවුඩයක් එවූ බවත් සියලු වැඩ නවතා ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් ඝාතනය කිරීමට අවධානය යොමුකරන ලෙස පණිවුඩයේ සඳහන් වූ බවත් ෆර්හාද් ශකේරි විමර්ශකයන්ට පවසා ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.ඔහුට ඉරාන හමුදාව ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුමක් නිර්මාණය කිරීමට දින හතක කාලයක් ලබාදී ඇතැයිද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
එම කාලය තුළදී සැලසුමක් නිර්මාණය කිරීමට අසමත් වුවහොත් ජනධිපතිවරණය ඉවර වනතෙක් බලා සිටීමට ඉරාන හමුදාව සූදානම් වූ බවත් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි ඉරාන හමුදාව බලාපොරොත්තු නොවූ බවත් ශකේරි විමර්ශකයන්ට පවසා ඇතැයි අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එම ඝාතන තැතට සහාය දීමට ඇමෙරිකානුවන් දෙදෙනා ශකේරිගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවද අනාවරණය වී ඇතැයිද ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් ඝාතන සැලැස්මට ෆර්හාද් ශකේරිට ඇමෙරිකා අධිකරණයෙන් චෝදනා