IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ට්‍රැක්ටරය පෙරැළී සිසුවා මරුට

(කුෂාන් ජයවර්ධන)

දර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක් පලාගල නාන්වත්තේගම ප්‍රදේශයේදී පෙරළීයාමෙන් එහි ගමන්ගත් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ නෑගම නාන්වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසිංහ ආරච්චිගේ සෙනෙත් ඒෂාන් වීරසිංහ නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු නෑගම සිරිසුමන විදුහලේ නව වැනි වසෙරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු බව පොලිසිය කියයි.

පලාගල අලියාමලගල මාර්ගයේ කිවුල්පිටිය හන්දිය ප්‍රදේශයේදී අනතුර සිදුව තිබිණි. දර ප්‍රවාහනය කරමින් තිබූ අත්ටැක්ටරයක් බෑවුමක් හා වංගුවක් සහිත ස්ථානයකදී රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයෙන් ඉවත පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා මිය ගිය සිසුවා හා තවත් අයෙකු එම අත්ට්‍රක්ටරයේ ගමන් කරමින් සිට ඇති බව සිදුකළ පොලිස් විමර්ශණවලදී අනාවරණය කර ගෙන තිබේ.

ට්‍රැක්ටරය පෙරළී යාමත් සමඟ එහි සිටි රියදුරා හා සිසුවා ඇතුළු පිරිස ඉන් ඉවතට විසිවි වැටී ඇති අතර එම අවස්ථාවේ දර පැටවූ ට්‍රැක්ටර් ටේලරය බිම වැටුනු සිසුවා මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තත්වයේ පසුවූ සිසුවා එම අවස්ථාවේදී පොලිසිය හා ප්‍රෙද්ශවාසීන් එක්ව කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර රෝහල් ගතකරනවිටත් එම සිසුවා මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ට්‍රැක්ටර් රථ රියදුරු අද(04) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

 



අදහස් (0)

ට්‍රැක්ටරය පෙරැළී සිසුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site