
(රේඛා තරංගනේ ෆොන්සේකා )
පසුගිය කාලයේදී කාර්යාල දුම්රියන්වල ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ පුද්ගලයන් 81 දෙනකු අත්අඩංගුවට ගෙන දඩ මුදල් නියම කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය පවසයි.
මොරටුව, දකුණු කළුතර, පානදුර.අගුලාන ,එගොඩ උයන යන දුම්රිය ස්ථාන වල මෙම වැටලීම් සිදුකළ බව නිලධාරීන් පැවසීය.
සුළු මුදලක් ගෙවා ගන්නට තියෙන දුම්රිය ප්‍රවාහනයේ ටිකට් පත නොමැතිව දුම්රිය මැදිරිවල හොරෙන් යෑමට උත්සාහ කිරීමේදී විශාල මුදලක් එවැනි පුද්ගලයන්ට දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවන බව සඳහන් කළ ආරක්ෂක නිලධාරින් ටිකට් පත් මගහැර ගිය එක් මගියෙකුගෙන් රුපියල් 3050 ක මුදලක් දඩ මුදල් ලෙස අය කළ බවද පැවසීය.
දුම්රියන් කෙටිදුර ධාවනයේ යෙදෙන නිසා ටිකට් පතක් නොමැතිව මගීන් දුම්රිය මැදිරිවලට ගොඩවීම සිදුවන බව ආරක්ෂක අංශය පැවසීය.
ඉදිරියේදී දිගින් දිගටම ටිකට් වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද එම ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ටිකට් නැතිව කෝච්චියේ ගිය 81 අල්ලයි