(අංජුල මහික වීරරත්න)
16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.
ත්‍රස්තවාදය අවසන් කරන විට ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆොස් රොෂාන් ගුණතිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වෙති.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුඛසාන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.
රණවිරු උළෙලේදී ආරාධිතයින් , හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී සිදු කෙරේ.
මෙම ජාතික රණවිරු දින සැමරුමේ අරමුණ වන්නේ දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීමයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
රම්බොඩ Sunday, 18 May 2025 01:56 PM
කට උල්කරලා හත්පොළේ ගාගනීද දන්නේ නෑ...?
ගුණරත්න Sunday, 18 May 2025 02:10 PM
මුලදී නියෝජ්‍ය ඇමැති යවලා ශේප් වෙන්න බැලුවේ, ඒත් මිනිස්සු බනින්න ගත් නිසා අපවාදෙන් බේරෙන්න සහභාගී වෙනවා. අනේ මෙහෙමත් සෙවල ආණ්ඩුවක්...
කපුරු හාමිSunday, 18 May 2025 03:53 PM
යුද්දේ දිනලා උජාරුවට පාරම්බලා, අන්තිමට කොටි, මස් වැද්දෝ, රෙද්ද අස්සේ දාගෙන, උතුරේ කොටි ත්‍රස්තවාදීන්, ජනතාව සතු වටිනා සම්පත් රත්තරං පවා කොල්ල කාලා සුද්දේ දීපු අයත් ජාතික රණවිරු දිනය කොහොම සමරයිද කියන්න බැහැ.
මහසෙන් Sunday, 18 May 2025 02:55 PM
ආ.. එනවාද? මීට අවුරුදු 16 පෙර සටනේ අවසාන හරියේදී පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යාංශ අයවැය පරාද කරන්න හදපු විදියත් කියයිද දන් නෑ...
Rasika Sunday, 18 May 2025 03:44 PM
මුට්ටිය දාලා බැලුවාට හරි ගියේ නෑ නේද? ගොඩක් මිනිස්සුන්ට තාම මතකයි
Don perea Sunday, 18 May 2025 03:45 PM
මිනීමරුවන් පාලනයට දාගත්තු එකම රට...
Gavin Sunday, 18 May 2025 03:56 PM
මුලදී කිව්වේ එන්නේ නැහැ කියලා නේද? අනේ මන්දා අනුර...
යෝගා Sunday, 18 May 2025 04:12 PM
මේකට ආවේ නැත්නම් ග්‍රීසියට නැව් නගින්න තමා වෙන්නේ කියලා මාලිමා පාපිස්සක් කියන්න ඇති..
prasanna Sunday, 18 May 2025 05:38 PM
දෙපිට කාට්ටු වැඩ...
වත්සි Sunday, 18 May 2025 06:12 PM
හෑ! ජනතා විරෝධයට ඒ ගානට බය වුණාම ඇති! කොහොම වුණත් තීරණයට අපේ ප්‍රණාමය! "යුද්ධයේ ජයග්‍රාහකයින් නොමැත" කියලා බෝඩ් එල්ලාගෙන කොමෙන්ට් කොටන්න හිටි මාලිමා හෝදන්නන්ට දැන් ඉතින් මේ වෙනස ගැන ජනපතිට ප්‍රශස්ති ගායනා කරන්න පුළුවන්...
Jagath Sunday, 18 May 2025 08:16 PM
මහින්ද යුද්ධයේ වීරයා කියලා දඟලන්න හැදුවට, ඇත්තටම මහින්ද හිටියේ යුද්ධ කරන්න නොවෙයි. මහින්දට යුද්ධ කරපන් කියලා ලොකු බලපෑමක් කලේ ජේවීපී එක.. හුඟක් දෙනෙක් මේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ… මහින්ද හිටියේ ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහලා උඹ උතුරු කරපන් මම දකුණු කරන්නම් කියන ස්ථාවරයේ… මහින්දයි ඔහුගේ සහචරයෙනුයි අද බොරුවට දඟලනවා…