IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජේසුතුමා ස්වයං පරිත්‍යාගයේ සංකේතයයි..

අපගේ පවුකාර ජීවිත සුමගට ගැනීම සඳහා දෙවියන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට ලක් වී මෙන්  අපට ප්‍රේමයත් දයාවත් ස්වයං පරිත්‍යාගයේ වටිනාකමත් පෙනේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව් මව්න්ගේ දේවස්ථානයේ නත්තල් දේව පූජා මෙහෙයේදී පැවසූහ.

එතුමෝ මෙසේද කීහ.

කුරුසියේ ඇණ ගැසූ උන්වහන්සේ අපට මාවත පෙන්වා දුන්නා. මෙය තමයි ස්වයං පරිත්‍යාගය යනුවෙන් හඳුන්වන ජයග්‍රාහයේ මාවත.

දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නටත්, අසල්වැසියාට සැබවින්ම ප්‍රේම කරන්නටත්, අපි මේ ස්වයං පරිත්‍යාගය කියන කුරුසියේ මාර්ගයේ යා යුතු බව පෙන්නුම් කරන්නටයි දෙවියන් වහන්සේම අප අතරට පැමිණියේ. මේ ලෝකයට ඇවිත් අප අතරේ ජීවත් වෙමින් අපට මාර්ගය පෙන්වා දී තමන්ගේ ජීවිත අත්දැකීම්වලින් අපට එය හෙළිදරවු කළා. නත්තල කියන්නේ ඒ සුවිශේෂී මොහොතයි.

මේ ගව ලෙන දෙස බැලූ විට අපට පෙනෙන මේ කුඩා ජේසුගේ රූපය අපට මතක් කර දෙන්නේ එදා බෙත්ලෙහෙමේදී අපට තියෙන ආදරය නිසා මනුෂ්‍ය ශරීරයක් ගෙන අප අතර බිහි වුණු දෙවියන් වහන්සේයි.

ප්‍රියාදර සහොදරවරුනි ඔබ නත්තලට ඔබගේ ගෙදර ගව ලෙනක් හදනවා. ඒ ගව ලෙන දෙස බලන කොට මේක මැටි රූප වලින් හදපු ගව ලෙනක් වශයෙන් බලන්න එපා. මෙයින් ඔබට මතක් කර දෙන්නේ ජේසු බිලිඳුන්ගේ ප්‍රතිරූපයයි.

මෙවැනි පරිසරයකයි දෙවියන් වහන්සේ ඔබට ඇති ආදරය නිසා බිහි වුණේ. මනුෂ්‍යයා කිසි දිනෙක බලාපොරොත්තු නොවූ ආකාරයක දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා බිහි වීමට තිබුණේ රජ මාලිගාවක. ඉතාමත් සැපවත් යහන් මතයි. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බිහි වුනේ මේ පුංචි ගව ලෙනෙයි.

අපට ආදරය කරන්නේ ඈත වෙනත් ලෝකයක ඉන්න දෙවි කෙනෙකු නෙමෙයි. අප අතරම ඉන්න, අප වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කර මරණයට පත් වූ දෙවියන් වහන්සේමයි එදා ගව ලෙනේ උපන්නේ.

අපට උන්වහන්සේගේ හැඩරුව මැවුවා පමණක් නොවෙයි, අපට වටිනාකමක් දුන් නිසාත් නොවෙයි. අපි ගලවාගත් තමන් වහන්සේගේම ජීවිතය ඉතාමත් කුරිරු මරණයකට ගොදුරු කර අපට පෙන්වූයේ ඒ කරුණාවයි ඒ ආදරයයි.

ඒ නිසා අප නිවෙස් වල ඇති ගවලෙන් දෙස බලලා අප වැනි පව්කාර අසරණ මනුෂයයන් වෙනුවෙන් උන්වහන්සේ කළ ඒ උතුම් උපකාරය පිළීබඳව අපි දෙවියන් වහන්සේට ස්තූති කරමු.

මේ දයාවේ වසරේද අපි උන්වහන්සේට කියමු. අපට දයාව පෙන්වන්න. අපගේ පව්කාර ජීවිත වෙනස් කරන්න  උදව් වෙන්න. සමාජයේත් අප ජීවත් වන සෑම තැනත්, ඔබ වහන්සේගේ ආදරය ලෝකයට පෙන්නුම් කිරීමට තරම් ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයකින් අපිව පුරවන්න කියා අපි දෙවියන් වහන්සේට කියමු.

මේ අත්දැකීම් අපි හරියට අත් දැක්කොත් නත්තලට බාහිරව අපි කොතරම් ප්‍රීති ප්‍රමෝද වන්නට බැරි වුනත් ඇතුලාන්තයෙන් අපේ ජීවිතය ප්‍රමෝදිත වනවා අනිවාර්යයි යනුවෙන් උනවහන්සේ පැවසීය.

ගුරුබැවිල දිසානායක හංවැල්ල මීසම් සේවක ඇන්ටන් රංජිත්, මීසම් සහායක ජූඩ් ලක්ෂාන්ත පෙරේරා යන පියතුමන්ලාගේ මග පෙන්වීම යටතේ හංවැල්ල මීසමේ ජනතාව නත්තල් දිව්‍ය පූජාව සංවිධානය කළහ.

එම නත්තල් දේව මෙහෙයට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සහ කොළඹ අගරදගුරු පදවි පරිපාලන ලේකම් ජූඩ් සමන්ත ප්‍රනාන්දු , ගුරුබැවිල දිසානායක හංවැල්ල මීසම් සේවක ඇන්ටන් රංජිත්, මීසම් සහායක ජූඩ් ලක්ෂාන් පෙරේරා යන පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ද හංවැල්ල මීසමේ කිතුණු ජනතාව ද තරුණ සමිති ඇතුළු අනෙකුත් සමිති සාමාජික සාමාජිකාවන්ද දහම් පාසල් දරුවන්ද ඇතුළු විශාල පිරිසක් නත්තල් දේව මෙහෙයට පැමිණ සිටියහ.

  



අදහස් (0)

ජේසුතුමා ස්වයං පරිත්‍යාගයේ සංකේතයයි..

වෙරංග Saturday, 26 December 2015 01:18 PM

අමිල, එසේ සියලු දේ කළ හැකිනම් මෙලොව දිනෙන් දින පිරිහෙන්නේ ඇයි? අපි දැක්කා සිරියාවේ ළමයෙක් මුහුදු වෙරළේ වැටිලා හිටියා. මනුස්සයෙක් නෙමෙයි ඒ දරුවෙක්. ඇයි මෙහෙම දේවල් වෙන්නේ? අපහාසයකට නම් නෙමෙයි, දැනගැනීම සඳහාම පමණයි. (නි)

:       0       0

ඩොනල්ඩ් Saturday, 26 December 2015 03:07 PM

වටිනා කතාවක් (නි)

:       0       0

අබේරත්න Friday, 25 December 2015 05:42 PM

අපි අසල්වැසියාට ප්‍රේමකරමු (නි)

:       0       0

කුමාර Friday, 25 December 2015 09:28 PM

අද ලොව පුරා නත්තල් සමරන සියළු ජනතාවට සුබ නත්තලක් ‍වේවා! (නි)

:       0       0

රකිත් Friday, 25 December 2015 10:22 PM

සැමට පින්බර නත්තතලක් වේවා! (නි)

:       0       0

අමිල Friday, 25 December 2015 10:46 PM

දන්දෙනිය, උන්වහන්සේ පවුකාරයන් මැවුවේ නැහැ. මනුෂ්‍යයින් අකීකරු වී පාපයට වැටුණා. ඒ නිසා ජේසුස් වහන්සේ මනුකයක් මවා අප ගළවන්න මේ ලෝකෙට පැමිණියා (නි).

:       0       0

ඉඳුනිල් Saturday, 26 December 2015 12:32 AM

ඉතා වටිනා කතාවක් (නි)

:       0       0

සුපුන් Saturday, 26 December 2015 03:32 AM

අපි සියළු ආගම් වලට ගරු කළයුතුය (නි)

:       0       0

නඩරාජා Saturday, 26 December 2015 04:06 AM

සමහරු ආගම ධර්මය ගැනත් හරිම පටු විදිහට හිතන බව අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

සමන් Friday, 25 December 2015 01:05 PM

රායප්පු ජෝසප් පුජක තුමාත් මේ ටික දැනගත්තානම් හරිම වැදගත්? (අ)

:       0       0

දන්දෙනිය Friday, 25 December 2015 03:00 PM

මට තේරෙන්නේ නැහැ සර්වබලධාරී දෙවියෝ ඇයි පව්කාරයෝ මෙලොකෙට මැවුවේ කියල.(කෞ)

:       0       0

අනුල Saturday, 26 December 2015 10:33 AM

සමහර අදහස් ගැන දුකයි (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Saturday, 26 December 2015 10:47 AM

අමිල, මනුෂ්‍යයින් අකීකරු වුණේ මොකටද? එහෙම වුණේ නැත්නම් කොහොමද පරම්පරාවක් බිහිවෙන්නේ? (නි)

:       0       0

රංග Saturday, 26 December 2015 10:56 AM

සැමට සුබ නත්තලක් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site