
(සුජිත් හේවාජුලිගේ)
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ ගිනි අවි සමාලෝචන ක්‍රියාවලියෙන් පසුව ඒවා නැවත භාරදීමට කටයුතු කරන බවයි.
මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ එම රිපීටර් ගිනි අවි ලබාගෙන තිබෙන බව දැනගන්නට ඇත.
මේ අතර හිටපු මන්ත්‍රීවරුන් ලබාගෙන ඇති පිස්තෝල සියල්ල ද වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස දැනුම් දී ඇත. පිස්තෝල ගිනි අවි ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 110කි. එහෙත් මන්ත්‍රීවරුන් බහුතරයක් එම ගිනි අවි තවම භාරදී නැතැයි වාර්තාවේ.
මන්ත්‍රීවරුන්ට රිපිටර් වර්ගයේ ෂොට් ගන් ගිනිඅවි මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ අරගලයෙන් පසුවය. ජීවිත ආරක්ෂාව සඳහා විවිධ පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ පතුරම් ලබන මස 7 වැනිදාට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස නියෝග කර ඇත. එසේ භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජීවිත ආරක්ෂාවට දුන් ෂොට්ගන් නැවත භාර දෙන්න