IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ජල සම්පාදනය කෝටි 69ක් අය කරගෙන නෑ‘‘

(ජේ.කේ.එල්. චාමින්ද)

රුපියල් පනස්දහසකට වඩා වැඩි  ජලබිල්පත් නොගෙවිම නිසා ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින් 4,448 දෙනකුගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 695.48 ක මුදලක්  ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයකර ගැනීමට කටයුතු කර නොමැති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වනවිට ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින්ගෙන් මෙම මුදල අයවිමට තිබුණි.

හිග ණය මුදල අයකර ගැනිමට චක්‍ර ලේඛය ප්‍රකාරව නිතිමය පියවර ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ 2023 වර්ෂය සදහා නිතිමය කටයුතු ආරම්භ කිරිමට ජල පාරිභෝගික ගිණුම් 5993 ක් ප්‍රධාන කාර්යාලයට යොමුකොට ඇති බවය.

නිතිමය ක්‍රියාපටිපාටියෙන් රුපියල් මිලියන 617ක හිග මුදල් අයකරගැනිම සදහා ප්‍රධාන කාර්යාලයේ අයකර ගැනිමේ අංශය වෙත යොමුකොට ඇති බවද මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

මින් 2023 වර්ෂයේ දි රුපියල් මිලියන 66ක් සහ 2024 වර්ෂයේ අප්‍රෙල් මස 30 දක්වා කාලය තුලදි රුපියල් මිලියන 55ක මුදලක් අයකරගැනිමට කටයුතු කර ඇති බවය.

 



අදහස් (3)

‘‘ජල සම්පාදනය කෝටි 69ක් අය කරගෙන නෑ‘‘

mohan Sunday, 03 November 2024 08:01 AM

ඇයි මේකට වගකිව යුතු බලධාරීන්ට නිසි දඬුවමක් දෙන්නේ නැත්තේ?

:       0       2

Samarasekara Sunday, 03 November 2024 10:20 AM

ජල සම්පාදන මණ්ඩලයේ බිල් වලට ප්‍රමාද ගාස්තු අයකරන තත්වයක් තියෙනවා කියලා පේනවා. රජයේ ආයතනයක බිල්පත් ගෙවීම් නිසියාකාරව කරලා තිබුණු අවස්ථාවලදී හිඟ බිල් කියලා පස්සේ එකතුකර තිබුණු අවස්ථා අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් ඒවා මණ්ඩලයේ හිඟ හැටියට ඇති. ඒත් හරියාකාරව බැලුවොත් එහෙම නොවෙන්න පුළුවන්... සමහර විට දේශපාලුවන් හිටපු තැන්වල මණ්ඩලයේ අයගේ තැන්වල නොගෙවූ අවස්ථා ඇති...

:       0       1

L.wikramasinghe Sunday, 03 November 2024 01:08 PM

එතකොට ජලසම්පාදන මණ්ඩලයෙන් අළුතින් සවි කරන ජල මීටර්වල පවතින දෝෂ පරික්ෂා කරගැනීමට පාරිභෝගිකයින්ගෙන්ම මුදල් අය කරගැනීමේ හා නැති ජලකාන්දු මවමින් විශාල හිඟ මුදල් අසාධාරණ ලෙස පාරිභෝගිකයාගේ බිල්පතට එකතු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා බලන්නේ කවදාද? මේ ආකාරයෙන් පාරිභෝගිකයින් පසුගිය කාලයේ සූරා කෑම සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි. අනෙක් කාරණය තමයි පසුගිය වසරවල නඩත්තු කටයුතු සඳහා යැයි පවසමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දීර්ඝ කාලින අසාධාරණ ජල කප්පාදු සිදු කිරීමේ තත්ත්වය... එහිදී පාරිභෝගිකයින් කොපමණ අපහසු තත්ත්වයකට පත් වුණාද? ඒ ගැනත් සොයා බැලිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site