IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක්

( ඩයනා උදයංගනී )

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මගී ප්‍රවාහන බස් රථවල විශාල පිරිසක් අතර මුදල් පරිහරණය සිදුවන නිසා එහිදී  කොවිඞ් 19 වෛරසය මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩක් ඇති බැවින් මෙම පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම කාර්ඞ් පත ඉදිරියේදී දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඞ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා පෞද්ගලික බස් රථවල රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට ද එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් එම බස්රථහිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දී ඇතැයි ද කීවේය.

මෙම පෙරගෙවුම් කාර්ඞ් පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, එය ජූලි මස අවසානයේදී හඳුන්වා දිය හැකි බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා තමාට දැනුම් දි ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 
 



අදහස් (14)

ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක්

de silva Tuesday, 09 June 2020 06:42 AM

හමුදාව දමලා බල කරොත් ඇරෙන්න මාටියා පාර ගහන්න බැරි නිසා කොන්දොස්තරලා ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ.

:       1       59

imesh Tuesday, 09 June 2020 07:57 AM

පුළුවන් නම් ජුනි අග ඉඳලාම දාන්න.. ඕක දැම්මා නම් කොච්චර ලේසිද අපට...

:       0       153

Supun Tuesday, 09 June 2020 08:03 AM

ලිපියේ වැදගත්ම කොටස කොන්දොස්තර මහත්වරුන්ට හා රියැදුරන්ට වැටුපට අමතරව මාසික දීමනාවක් කියන කොටස.. ඕක දුන්නොත් වැඩේ කෙරෙයි, නැත්තන් ලප් තැන ලොප් වෙයි වැඩේ... මොකද ලාභයක් නැතුව වැඩක් කරවාගන්න හරි අමාරුයි. මගීන්ගෙන් වැඩිපුර ගත්තට ඉන්න කොන්දොස්තර මහත්වරු 90%ක් විතර මනුස්සයෙක්.. රුපියලක් හරි අඩුවෙන් දුන්නත් මරාගන්න හදන අය...

:       0       82

කමනි Tuesday, 09 June 2020 08:34 AM

අනේ ඕක කොයි කාලේ ඉඳන් කියන කතාවක්ද?

:       22       166

janahitha Tuesday, 09 June 2020 08:57 AM

හත් ඉලව්වේ මිනිස්සු ගැහැණුන්ට දෙන පොරොන්දු වගේ නොවැ.

:       9       27

janahitha Tuesday, 09 June 2020 08:59 AM

කොන්දොස්තරවරු අවශ්‍ය නැහැ කාර්ඩ් ක්‍රමේ තියෙනවා නම් ඒ අයගේ මාටියා ගැහිල්ල සදහටම නැති වෙනවා. බෙරිහන් දිදී මිනිස්සු පටවා ගැනීමත් ඉවර වෙනවා.

:       0       8

wca Tuesday, 09 June 2020 09:12 AM

කොරයි කියලා තමයි බය. ටිකට් එකවත් දෙන්න බැරි මේ ගොල්ලන් කාඩ් එකෙන්ම සල්ලි ගනියි. ඕක නිකං අඟුලාන කිරිබත්ගොඩ බස් එක බොරුල්ලෙන් යවනවා වගේ... අද වෙනකල් ඔය පොලිසිය, අධිකාරිය ඉඳලත් බැහැ.. ඔතනින් බස් එක කොට කොටා තියෙන්නේ නැතුව යවන්න...

:       25       65

sachith Tuesday, 09 June 2020 09:40 AM

මේක අලුත් දෙයක් නෙවෙයි, 122 බස් මාර්ගයේ තමයි අවුරුදු 7ත වගේ කලින් පටන් ගත්තේ, ඊට පස්සේ නුවර දිස්ත්‍රික්කය ඇතුලේ හරසරද මොකක්ද කියල ඕකම කරා. හැබැයි දෙකම අසාර්ථකයි. ප්‍රධාන හේතුව කොන්දොස්තර කියනවා මැෂින් එක කැඩිලා සල්ලි දීල ටිකට් ගන්න කියලා. අපහු මේකම කරන්න කලින් අන්න ඒ වගේ ලෙඩ වලට බෙහෙත් කරලා හිටියනම් හරි.

:       3       42

thilakTuesday, 09 June 2020 10:37 AM

මැෂින් එක කැඩි ඇති බස් රථ වලට මිනිසුන් ප්‍රවාහනය තහනම් කලා නම්, ඔය මැෂින් නිකම්ම වැඩ කරන්නට පටන් ගනී.

:       0       27

සමන්Tuesday, 09 June 2020 11:14 AM

ඒ වගේම ඔය ටිකට් මැෂින් එක වැඩකරන හැටි මහජනතාවට දැනුවත් කරන්න පුළුවන් නම් කොන්දොස්තර කැඩිලා කියන කොට ඇත්තේද බොරුවක්ද කියන්නේ කියලා මහජනතාවට බලන්න පුළුවන්...

:       0       7

MAP Hemachandra Tuesday, 09 June 2020 12:22 PM

මම සභාපති කමෙන් අයින්වෙනකොට මහ බංකුව, ලංකා පේ ආයතනය, ලංකා බැංකුව හා මහජන බැංකුව සමග සියළුම අවශ්‍ය දේවල් සකස්කොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවද තිලකරත්න බණ්ඩා මහතා සමග සකස්කොට අවසන්කොට තිබිණි. අවුරුදු එකහමාරකට පසුව හෝ මෙම තීරණය ගැනීම බස්හිමියා නගාසිටුවීමට මා ගත් උත්සාහයේ ප්‍රතිඵල නෙලාගැනීමකි. ගරු ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මේ ගැන මගේ සුබපැතුම්...

:       77       0

de silva Tuesday, 09 June 2020 09:53 PM

මැෂින් කැඩිලා තිබෙන බස් වල ජනතාවට නොමිලේ ගමන් කරන්න පුළුවන් කියල නිතිය දැම්මනම් ඔක්කොම මැෂින් වැඩ කරාවී. ප්‍රශ්න ඉවර වේවි.

:       0       2

kamal Wednesday, 10 June 2020 03:57 PM

මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වුණු දේට මොකද වුණේ? මගදි නැවතුණා නේද?

:       0       10

අසංක Friday, 12 June 2020 11:34 AM

කොන්දොස්තරලා කාඩ් එක ගහද්දි ගාන වැඩියෙන් ගහනවා. මට ඔහොම වුණු හින්දා තමයි අනික් කාඩ් එක අයින් කරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site