IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි

(අංජුල මහික වීරරත්න)

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා නියෝගයක් නිකුත් කර තිබේ.

නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවද අමාත්‍යවරයාගේ නියෝගයේ සඳහන් වේ.

තම ප්‍රදේශ වල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසද අමාත්‍ය ලාල් කාන්ත මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී සිටී.

දැනට පිටාර ගලන ජලාශ අතුරින්  පරාක්‍රම සමුද්‍රය හා රාජාංගනය වැව ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින අතර වැසි ජලශයෙන් ආපදාවට ලක්ව ඇති අක්කරෙයිපත්තුව හා නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව කෙරෙහි අවශ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග ගැනීමට අදාල ආයතන නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවටද එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (1)

ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි

pj Friday, 29 November 2024 04:24 AM

දෛවයේ සරදම්... එදා ජලාශ ඉදිකිරීම් කටයුතු කරන සමයේ කඩාකප්පල් කිරීමේ අරමුණින් ත්‍රස්තවාදය පතුරුවමින්, පත්‍රිකා තුණ්ඩු මගින්. වැඩට ආවොත් මරනවා යැයි අණ දුන්නෙත් මෙයාමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site