
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජර්මනියේ මියුනිච් නගරයේ විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්ව විද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ලසිත් යසෝද කෲස් පුල්ලේ නමැති මෙම සිසුවා මීගමුව,කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඉකුත් සිකුරාදා මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි කියයි.
තම මල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කිලිනොච්චියේ තරුණයකු සහ සිම්බාබේ තරුණයකු සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ ඇති දිය ඇල්ලක නෑමට ගිය අවස්ථාවේ ගිලී අතුරුදන්ව ඇති බවට පැවසුණත් මෙම අතුරුදන්වීම අභිරහසක් බවට සාධක පෙනෙන්නට ඇතැයි ලසිත් සිසුවාගේ සහෝදරිය වන චමෝදි මිලේශනී මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
තම මල්ලිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තමන් මේ ගැන විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කරන බව මිලේශනී මහත්මිය වැඩිදුරටත් කීවාය.
කිසියම් පිරිසක් තම මල්ලී රහසිගතව සඟවාගෙන සිටින බවට තමන් තුළ තදබල සැකයක් පවතින බව ද ඇය අවධාරණය කළාය.
සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා තමන්ගේ මල්ලී මීට මාස පහකට ඉහතදී ජර්මනියට ගිය බවත් දියේ ගිලී අතුරුදන්වූවා යැයි කියන පසුගිය සිකුරාදා දිනයේ තමන්ට දුරකතනයෙන් කතා කළ බවත් ඇය කීවාය.
විදෙස් ගතවීමට මුදල් සොයා ගැනීමට උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට තමන්ට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් එවන බව දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ දැනුම් දුන් බවත් එම මුදල මෙම දොළොස් වැනිදාට ලැබෙන බවත් මල්ලී තමා සමග පැවැසූ බව මිලේශනී මහත්මිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මන් සරසවියේ ලාංකික සිසුවා ඇල්ලක නාන්න ගිහින් අතුරුදන්
Lalla Tuesday, 10 September 2024 08:20 AM
මෙරට අධ්‍යාපන අවස්ථා තිබියදීත් මූලික උපාධිය සඳහා යුරෝපයට යන්නේ කරුමෙටද...? යවන මුදල්වලට විශාල බද්දක් පනවන්න ඕනෑ නේද?
de silva berlin Tuesday, 10 September 2024 08:46 AM
miunich නගරේ මිනිස්සු අතුරුදහන් වෙන ප්‍රමාණයේ දිය ඇලි නැහැ. ඊසා කියලා ගඟක් නම් තිබෙනවා. ඒකේ සමහර තැන්වල දිය සුළි තිබෙනවා...