ජර්මන් ජාතික කාන්තාවක් (29) ප්‍රවේශ පත්‍ර නොමැතිව අද (09) අනුරාධපුර අභයගිරි කෞතුතාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ එහි ආරක්ෂක නිළධාරියා සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවක දී ආරක්ෂක නිලධාරියා එම විදේශීය කාන්තාවට පහර දුන්නැයි කළ චෝදනාවකට දෙදෙනාම අනුරාධපුර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
දෙදෙනාම පොලිස් ඇප මත නිදහස් කළ බවත් අප්‍රේල් 18 අනුරාධපුර අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියොග කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජර්මන් කත කටුගෙයින් පොලිසියට
කරු Saturday, 09 April 2016 06:35 AM
නීතිය කටත් පොදුයි. මේවා ජර්මනියේත් කරන්න පුළුවන් දෙවල් නෙමෙයි (නි)
රෝහිණී Saturday, 09 April 2016 07:56 AM
එතකොට ඔය ජර්මන් කාන්තාව අප්‍රේල් 18 වෙනකන් ලංකාවේ රැඳී ඉන්න කෙනෙක්ද? (බ)
පුෂ්ප Saturday, 09 April 2016 08:54 AM
හොඳ දඩයක් දෙන්න මේ නෝනාට. මෙහෙ අපි මහජන වැසිකිළියට ගියත් රුපියල් විතර ගෙවන්න ඕනෑ. අපේ රටවල් වලට ඇවිල්ලා ඔක්කොම නිකන් ගන්න හදනවා. (නි)
ජෙනී Sunday, 10 April 2016 04:35 AM
කොහොමත් ජර්මන් ජාතිකයන්ගේ ඔළුව ඉදිමිලා ,,,ආසියාතික රටවලට ගියාම ,,එයාලගේ කලර්ස් පෙන්නවා වැඩියි .(බ)
අනුර Saturday, 09 April 2016 09:19 AM
අපේ රටට ආ අයට අපි සළකන්න ඕනෑ විදියක් අපේ සංස්කෘතියේ තිබෙනවා (නි)
අබය Saturday, 09 April 2016 09:41 AM
හා ..හා.. පරෙස්සමෙන්! අපිට ෆොක්ස්වැගන් මිස් වෙයි... (නි)
ඉන්දු Saturday, 09 April 2016 10:32 AM
සිද්ධිය මොකක්ද කියලා නම් දන්නේ නැහැ. එ්ත් සංචාරකයින් කියන්නේ රටේ ආදායම් මාර්ගයක් නිසා අපේ නිලධාරීන් මීටවඩා සැළකිලිමත් වෙන්න ඕනෑ, ඔවුන්ට හිත නොරිදෙන විදිහට වැරැද්ද පෙන්වා දෙන්න. (නි)
විතානගේ Saturday, 09 April 2016 01:31 PM
මේවායින් නැතිවෙන්නේ රටේ නමයි (නි)
සිල්වා බර්ලින් Sunday, 10 April 2016 09:40 AM
සිගිරිය , අනුරාධපුර වැනි ස්ථාන නරඹන්න විදේශීය සංචාරකයන්ගෙන් අය කරන මුදල කලාපයේ අනිකුත් රටවල මෙවැනි ස්ථාන නැරඹීමට අය කරන මුදලට සාපේක්ෂව ඉතා වැඩි බව සහ එහි දී සංචාරකයන්ට ලැබෙන පහසුකම් සහ එවැනි ස්ථානවල ගැවසෙන වෙළෙන්දන්ගෙන් සහ තැරවූ කරුවන්ගෙන් සංචාරකයන්ට නිතර නිතර හිරිහැර සිදුවන බවත් ආරක්ෂාව ගැන සැහීමකට පත්විය නොහැකි බවට යුරෝපිය සංචාරක වෙබ් අඩවි සහ සඟරාවල නිතර නිතර සාකච්ඡා වෙනවා (බ)
සුජිත් නිශාන්ත හේවගේ Sunday, 10 April 2016 11:28 AM
සංචාරකයන්ගෙන් විතරක් නෙවෙයි මේ ගොයියෝ අපි වගේ දේශීය නරඹන්නන්ගෙනුත් ලොකු මුදලක් ගසා කනවා ප්‍රවේශ පත්‍රවලට කියලා. වගකිව යුතු අය මේ ගැන සොයා බැලුවහොත් හොඳයි. නැතිනම් සංචාරක ව්‍යපාරයට අර ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් කිව්වා වගේ අබ සරණයි තමයි. අද ඉන්න නිලධාරි වැඩි හරියක් අල්ලස් ගන්නවා කොමිස් කාක්කෝ වැඩ බැරි ටාසන්ලා වෙලා පුලුවන් නම් දඬුවමක් විදිහට මේ වගේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න. (බ)
ප්‍රදීප් Saturday, 09 April 2016 07:22 PM
උණුසුම් වචන හුවමාරුව ඉංග්‍රීසියෙන්ද, සිංහලෙන්ද? අනුරාධපුරේ උණුසුම නිසා වචන උණුසුම්ව දැනුනද දන්නෙත් නැහැ (නි)