IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජයශංකර් සජිත් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු )

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී (04) සිදුවිය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කරන ලදී. 

රටක් ලෙස පවතින බංකොලොත්භාවයෙන් නැවත ගොඩ ඒමට ඉන්දියාව මෙතෙක් ලබා දුන් සුවිශාල සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පුදකරන බවත් ඉදිරියටත් අප රට වෙනුවෙන් තවතවත් සහයෝගය සහ ආධාර, උපකාර ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ පැවසීය.

එසේම ළඟම අසල්වැසියා සහ දිගුකාලීන මිත්‍රයා ලෙසින් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් සම්බන්ධතාව ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා තමාට ද ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ජයශංකර් සජිත් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site