IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජමාත් කල්ලියේ තවත් 5 ක් හොරොව්පොතානෙන් අල්ලයි

(පැතුම් දර්ශන)

සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී අද (24) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන  හොරොව්පොතාන කිවුලේකඩ පදිංචිකරුවෙකු සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පස් දෙනෙකි.

පොලීසිය පවසන්නේ මොවුන් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පිහිටි විවිධ ස්ථානවල අන්තවාදී දේශන සිදු සිදුකර ඇති බව ය. ඊට අමතරව ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ දැනට විදේශ ගතව සිටින ප්‍රධාන සැකකරුවකු සමඟ ද මෙම සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති අතර ඔහුගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඇති බවටත් පොලිසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (25) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට නියමිතය.

 



අදහස් (7)

ජමාත් කල්ලියේ තවත් 5 ක් හොරොව්පොතානෙන් අල්ලයි

Ashan Friday, 24 May 2019 08:22 AM

මෙලෙස හසුවුණු සියලු දෙනාගේ පුරවැසි භාවය නැතිකොට රටින් පිටුවහල් කළ යුතුයි. රට පැනපු අය නැවත නොගත යුතුයි.

:       13       134

anuranvar Friday, 24 May 2019 12:06 PM

නව රජය සම්මත කල සංහිඳියා පනත් අනුව පැය 72ක් පමණක් ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත. පුරවැසිභාවය නැතිකොට රටින් පිටුවහල් කිරීමට කිසිවෙකුටත් බැරිය. මෙයද ඔබගේ මෙන්ම එම අයගේද මව්බිම බැවිනි. සුළු ජාතීන්ට සාධාරණය කිරීමට පොරොන්දු දී බලයට පැමිණියේ ඔවුන්ගේ පිහිටෙනි...

:       0       0

බද්රානි Friday, 24 May 2019 08:32 AM

ශ්‍රී ලංකා තවුහිත් ජමාත්, එහෙම නැත්නම් සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ගැන බල්ලෝ ඉව අල්ලන්නේ නැත්තේ ඇයි මහත්තයෝ? ඒ සංවිධානය බල්ලන්ට අැලජික්ද? එහෙම නැත්නම්, මහත්තුරුන්ට හිතවද්ද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ? විෂබීජ වපුරපු එකාව ආරක්ෂා කරන ගමන් ලෙඩ වූ ටික විතරක් මරලා දාන එකද හරි? රටට, ජාතියට, ආගමට ඇත්තටම ආදරය බුද්ධිමත් අය නම් කරන්නේ අතුකපන එක නෙවෙයි, මුල ගලවන එක... කොහෙද ඉතින් ඉව අල්ලන බල්ලට තියන මොලේ, අපේ රටේ තක්කඩි මහත්තුරුන්ට නැහැනේ...

:       0       314

desapala Friday, 24 May 2019 12:08 PM

මුල් ගලවන්න ගිහින් අපේ මුල ගලවාගන්න බැහැ... බද්රානි.. බත් මුට්ටිය ලිපේ තියෙනවා වගේ මේ ප්‍රශ්න විසඳන්න නම් ලිප නිවන්න වෙනවා.

:       0       0

sumith Friday, 24 May 2019 09:16 AM

බද්රානි, ඕක කරන්න සමනල රංචුවකට පුළුවන්ද? ඒකට නියම පිරිමිකම තියෙන හෙලයකුට රට බාරදෙන්න ඕනෑ. තව ටිකදවසක් ඉවසලා ඉන්නකෝ.... හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු..

:       0       0

krishantha Friday, 24 May 2019 10:21 AM

තාම 150 ඉවර නැද්ද අනේ? තව 4ක් 5ක් නේද ඉන්නවා කිව්වේ... රෝසිද ගණන් කලේ?

:       0       0

නිපුණ Friday, 24 May 2019 10:37 AM

කෝ තාම 100% ට ළංවුනේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site