IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන්ට එරෙහි වන්දි නඩුව මාර්තු නඩුව 24 විභාගෙට

(රෝෂන් තුෂාර)

දේවේශ සහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අය කර දෙන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවරූ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 24 දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (24) දින නියම කළේය.

ජනාධිපතිවරයා විසින් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හා අදාළ ප්‍රකාශය විකාශය කළේ යැයි කියන දෙරණ රූපවාහිනි නාලිකා සමාගමට එරෙහිව මෙම නඩුව ජනාධිපති ධුරයට පත්වීමට පෙර පවරන ලද අතර අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නඩු වාරයේදී සාක්ෂි ලබාදීම ද සිදු කළේය.

එම නඩුව අද (24දා) කැඳවූ අවස්ථාවේදී අනුර දිසානායක මහතාගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් පැමිණිලිකරු මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති බව අධිකරණයට දන්වන ලදී.

එමෙන්ම වගඋත්තරකරු බී.එම්ඩ.බ්ලිව් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධී ආකාරයට එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවට නීතිඥයන් විසින් අධිකරණයට දන්වා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය 2017 වසරේදී තංගල්ල නගර ශාලාවේ සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් එමගින් සිදු වූ අපහාසයට වන්දි අයකර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව පවරා ඇත.

 



අදහස් (0)

ජොන්ස්ටන්ට එරෙහි වන්දි නඩුව මාර්තු නඩුව 24 විභාගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site