IMG-LOGO

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් මැයි 10ට කල්යයි

(මනෝප්‍රිය ගුණසේකර)

වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා නඩුව විභාග කිරීමට අද (27) තීරණය කළේය.

ඒ අනුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 10 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.

2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට  පාඩු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.

නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළේය.

එම මුලික විරෝධතාවය සම්බන්ධ තීන්දුව ප්‍රතාශයට පත් කරමින් එම මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කළේය.

නඩුව මැයි මස 10 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.



අදහස් (2)

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් මැයි 10ට කල්යයි

podiekaa Friday, 27 January 2023 07:34 PM

මෙ දත්සෙට් බඩටයන්න ගහන කෙනෙකුට .. අපි රුපියල් 3,50 දෙනව.

:       0       0

සෙනෙවිරත්න Saturday, 28 January 2023 12:30 PM

කුරුණෑගල සහ රටේත් සමහර බත් කන හරක්ට මෙයා තවමත් වීරයෙක්. මොන වංචාව කළත් කටේ නරිවාදම් ඉවර නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site