IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ජනමාධ්‍ය ලේකම්ගේ නිවේදනය රජයේ මතය නොවේ‘

ඒකාබද්ධ විපක්ෂය යන වචනය මාධ්‍ය නිදහස අවභාවිත කිරීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යැවූ නිවේදනය රජයේ ස්ථාවරය නොවන බවත් එය ලේකම්වරයාගේ පෞද්ගලික කාරුණික ඉල්ලීමක් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා   පැවැසීය.

එම කාරුණික ඉල්ලීම සහිත ලිපිය මාධ්‍ය නිවේදනයක් ලෙස පිළිගත යුතු නැති බව සඳහන් කළ   කරුණාතිලක මහතා මාධ්‍ය නිවේදනයක් නම් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා එය මාධ්‍ය ආයතන වෙත යොමු කරන බව ද මෙම ලිපිය යැවීමේදී එවැනි ක්‍රමවේදයක් අනුගමනය කර නැති බව පෙනී යන්නේ යැයි ද පැවැසීය.

මෙම ලිපිය නිකුත් කරන විට තමන් කොළඹින් බැහැරව සිටි හෙයින් එය නොදුටු බව පැවැසූ කරුණාතිලක මහතා තමා දුරකතනය මඟින් ලිපිය කියවා අසා ගැනීමේදී එහි කිසිදු තර්ජනාත්මක ස්වරූපයක් නැති ඉතා කාරුණික ඉල්ලීමක් පමණක් ඇති බව තේරුම් ගිය බව ද සඳහන් කළේය. ජනපති, අගමැති තමා ඇතුළු යහපාලන රජය හැමවිටම මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්ෂය පටු වාසි ලබා ගැනීමේ අරමුණින් විවිධ අර්ථකතන ලබා දුන්න ද රජය කිසිවිටකත් මාධ්‍යය නිදහස සීමා කරන්නට කටයුතු නොකරන බව අවධාරණය කළේය.



අදහස් (0)

‘ජනමාධ්‍ය ලේකම්ගේ නිවේදනය රජයේ මතය නොවේ‘

තිළිණ Friday, 29 April 2016 03:57 AM

නැට්ටේ ඉදන්ම ගොම..නානවා කියල මෙහමත් නෑමක්..(බ)

:       0       0

බණ්ඩාර-කැකිරාව Friday, 29 April 2016 04:12 AM

රජය අපහසු තාවයට පත්කරමින් ,ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිය විනාශ කිරීමට මාන බලන මෙවැනි තනතුරට නුසුදුසු ලේකම් වරු වහාම ඉවත් කිරීම යහපාලන රජයේ වගකීමයි .(බ)

:       0       0

මාතරගේ Friday, 29 April 2016 04:26 AM

මේයත් දෑකල තියෙන්නේ පත්තරෙන්....(බ)

:       0       0

සුගත් Friday, 29 April 2016 04:39 AM

මොකක්ද මේකේ තේරුම? කැබිනට් එකේ ගත්තු තීරණ ජනාධිපති දන්නේ නැහැ. ලේකම් කරන ප්‍රකාශ ඇමැති දන්නේ නැහැ. රට පාලනය කරන්නේ මෙහෙම අයද? රටක් දියුණු කරන්නේ මෙහෙමද? (ම)

:       0       0

තිස්ස Friday, 29 April 2016 05:44 AM

පෙන්නලා දෙනවා කියන්නේ මේවාට (ම)

:       0       0

ඩෙනිස් Friday, 29 April 2016 06:27 AM

ලේකම් ආයතන සංග්‍රය උලන්ගන කළ බැවින් නිසි ක්‍රියාමාර්ග ගන්න .බොරු කියන්නේ නැතුව සේවයෙන් ඉවත් කළයුතුය (බ)

:       0       0

සුදේශ් Friday, 29 April 2016 08:20 AM

මෙයා රජයේ නිලධාරියෙක් නේද? (ර)

:       0       0

සමන් Friday, 29 April 2016 08:52 AM

මට පේන්නේ ලේකම් ලකුණු දාගන්න හිතාගන කරපු දෙයක් වගේ... අනිත් රජයේ සේවකයන්ටත් පාඩමක් වෙන්නයි යහපාලනේ නියම අරුත ලෝකෙට කියා දෙන්නයි දෙන්න මෙයාට හොඳ දඩුවමක්. (ර)

:       0       0

මුණසිංහ Friday, 29 April 2016 10:49 AM

මාද්‍ය නිදහස කෙතරම්ද යත් ඕනෑම රජයේ නිලදාරියකුට ඕනෑම ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාව දැන් ඇත. ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඕනෑම අයෙකුට හදුන්වාදීම නිදහසද දැන් ඇත. (ර)

:       0       0

විපුල Friday, 29 April 2016 10:50 AM

පොදු කියන නමත් තහනම් කල යුතුයි. (ර)

:       0       0

පතිරණ Friday, 29 April 2016 11:01 AM

දැන් රටේ වෙනදේවල් දැනගන්නේ පත්තරෙන්... (ර)

:       0       0

ශෂික Friday, 29 April 2016 11:22 AM

මේ ආණ්ඩුවේ ගොඩදෙනෙක් හුගක් දේවල් දැනගන්නේ පත්තරෙන් ...එ්ත් ටිකක් පහුවෙලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site