IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත  පදිංචි අතර සෙසු සැකකරුවන් බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොව යට වස්තූන් තිබේද යන්න ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් 46 වියති සැකකරු 1999 වර්ෂයේදී එම යන්ත්‍රය නිපදවා ජනාධිපති සම්මාන ලබාගත්, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බවද බණ්ඩාර මහතා කීය.

ඔහු නිපදවූ යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම ලෙස සවි කරන ලද කැමරාවකින් පොළොව යට සියලු වස්තූන් කැමරා වන අයුරු යන්ත්‍රයක් නිපදවා ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර ඇති අතර දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී බවද පොලිසිය සඳහන් කරයි.

ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවසීය.



අදහස් (3)

ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා

Perera Friday, 08 March 2024 03:29 AM

ඕවා මොනවද? කසිප්පු පෙරපු, මිනී මරපු අය ඉන්න රටේ...

:       0       4

Chandima Friday, 08 March 2024 08:19 AM

මාර රටක් බන් .බැංකු හාරපු උන්ගෙන් සම්මාන අරන් ගෙදර ගිහින් නිදන් හාරනවා

:       0       11

චන්දන Friday, 08 March 2024 11:29 AM

හරි..ජනාධිපති සම්මාන දුන්නෙ ඔය වැඩ කරනවට තමයි ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 119 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site