IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජනපති, ජී.එල් එකට තියා කොළඹ සරසවිය සම්මාන දෙයි

(අංජුල මහික වීරරත්න)

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර්ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබූ අතර රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබීය. දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනා හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය දේශමාන්‍ය ජේ.බී. දිසානායක, තිලක් කරුණාරත්න මහත්වරු ඇතුළු 11 දෙනෙක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

වසර 10 ක මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදී විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බව ද කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ජේ.එම්.එස්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.



අදහස් (5)

ජනපති, ජී.එල් එකට තියා කොළඹ සරසවිය සම්මාන දෙයි

කසුන් Sunday, 14 May 2023 04:35 PM

එයාලා ඔක්කොම යාලුවො මල්ලි. එච්චරයි...!

:       32       14

ChannaSunday, 14 May 2023 08:18 PM

දෙන්නාම පැන්ෂන් යන වයස පහුකරලා...!

:       1       1

චමින්ද Sunday, 14 May 2023 07:00 PM

මට හිතන්නේ ඔය දෙන්නා ගුරයි ගෝලයයි කියලා තමයි...

:       2       6

Perera Sunday, 14 May 2023 11:12 PM

ඔයා පිනාධිපතිටත් මහාචාර්ය පට්ටමක් දෙන්නකෝ...! 

:       1       0

විසිල් රාජ Monday, 15 May 2023 08:02 AM

"සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා..." සමස්ත දේශපාලන පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයාට තේරෙන්නේ නැත්තේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 868 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1287 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site