IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති එයි

සාර්ථක දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ජනපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය.

ලන්ඩන් නිල සංචාරය නිමා කරමින් ඉකුත් 13 වැනිදා ඉන්දියාව බලා පිටත් වූ ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

ඉන්දීය පදනමේ නියෝජිතයන් සමග ද සාකච්ඡා පැවැති අතර ඉන්දීය මධ්‍ය ප‍්‍රදේශයේ පැවති කුම්භමේලා හින්දු ආගමික උත්සවයට ද ජනපති සහභාගී වීමෙන් පසු සාංචි නුවර ස්ථාපිත කර තිබූ අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.



අදහස් (0)

ජනපති එයි

සත්‍යයා Sunday, 15 May 2016 10:59 PM

ඔය ගමන් වල සාර්ථකකම දැනට තීරණය කරන්නේ රජයේ මාධ්‍යය. ඒවායේ සාර්ථක අසාර්ථකකම අනාගතයේදී දැනගන්න ලැබෙන්නේ ඊළඟට බලයට පත්වෙන කණ්ඩායමෙන්. (නි)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 06:49 AM

මේ සාකච්ඡා වල නිල වාර්තා ජනතාවට කියවීමට සළස්වන්න. ඒ වගේම මේ නිල ගමන පිළිබඳ නිල වාර්තාවකින් ජනතාව දැනුවත් කරන්න. එමගින් යහපාලනය අර්ථවත් කරන්න. (නි)

:       0       0

කවි Sunday, 15 May 2016 10:13 AM

අපි ජනාධිපතිතුමාගේ දූෂණයට එරෙහි සමුළුවේ මාධ්‍ය හමුව දැක්කා. ඔබතුමා ලංකාව ඉහළින්ම ඔසවා තැබුවා (නි)

:       0       0

අංගොඩ ලාල් Sunday, 15 May 2016 10:54 AM

දිගටම සාර්ථක නිල සංචාර වල නම් යෙදෙනවා. හැබැයි කළ දෙයක් නම් නැහැ. මේ ටික කාලෙට රටවල් කීයක නම් සංචාරය කළාද? (නි)

:       0       0

ගැමුණු Sunday, 15 May 2016 12:00 PM

මෙතුමාගේ පාලනය තුළ ඇතිවුණ සෙත මොකද්ද අපිට? (නි)

:       0       0

ඔසමි Sunday, 15 May 2016 12:44 PM

හැමෝම ආදරයෙන් පිළිගත්තා. අපේ රට මහත් ආඩම්බරයක් (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 May 2016 12:57 PM

ලලිතා ඇන්ටි විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැද්ද ඉන්දියාව තරණය කළාට? මේ දවස්වල ඡන්දෙත් උණුසුම්නේ එහෙ. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 15 May 2016 01:37 PM

දූෂණ වංචා ගැන ලෝකෙට කිවුවාට ඔය පැනමා කළු සල්ලි කියන්නේ රටේ ජනතාවගේ සුභසාධනයට වියදම් කරන්න තිබුණු මුදල් නේද? රෝගීන්ට බෙහෙත් ලබා දෙන්න වෙන් කරතිබුන මුදල් නේද? විශ්‍රාමිකයන්ට ලැබෙන්න තිබුන විශ්‍රාම වැටුප් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site