(බී.ජි චතුරංග සහ අංජුල මහීක වීරරත්න)
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන් වැඳපුදාගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
ප්‍රථමයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහා විහාරයට ගොස් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු අටමස්ථානයේ නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව හේවිසි බෙර හඩ මධ්‍යයේ මහා සංඝරත්නය සමඟින් උඩ මළුවට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ජය ශ්‍රී මහා බෝධි බණ ශාලාවේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා ගත්හ.
එහිදී අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පැවසුවේ, මේ දේශපාලන මඩ ගොහොරුව, නරාවල, සිහි බුද්ධිය ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුට හැසිරෙන්න තරම් සුදුසු භූමියක් හැටියට මහා සංඝරත්නය දකින්නේ නැති බවය. මහා සංඝරත්නය විදියට අපි මේක දකින්නේ ඈත සිට බවත්, ඒ මඩ වලේ දඟලන අය කොහොම එය දකිනවද දන්නේ නැතැයි ද කීහ. ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න අනුර කුමාර දිසානායක මහතාට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී