IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඒ අනුව එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා කැඳවීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය.

මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මස අවසන් සතියේ සෙනසුරාදා පැවැත්වෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (8)

ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය

චතුෂ කුමාර Sunday, 01 September 2019 02:59 PM

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරමින්, අපේක්ෂයන්ට විවිධ නීති දමමින් බාධා පමුණුවනු ලබනවා. ජන්ද අපේක්ෂයින්ට මෙතුමා සලකන්නේ ඉතාම නින්දිත ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල විරෝධය මෙසේ දක්වා සිටිමු.

:       626       1

RaveendraSunday, 01 September 2019 05:35 PM

තවද ඡන්ද අපේක්ෂකයාට ඕනෑ විදියට රජයේ නිලධාරීන් "එහෙයියන්" ලෙස සිටින්නේ නම් ඔය කියන පාදඩ ඡන්ද අපේක්ෂකයින් බොහොම ඉහළින් එවන් නිවට නිලධාරීන් වර්ණනා කරන ආකාරය අප ඉතිහාසයේ හොඳින් දැක තිබෙන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් අවංක, නිහතමානී, නීතිගරුක ඡන්ද අපේක්ෂකයන් මෑතකාලයේ අප නම් දැක නැතිබවත් කණගාටුවෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු. එසේ නීතිගරුක, අවංක ඡන්ද අපේක්ෂකයන් මෑත අතීතයේවත් සිටියේ නම් අපගේ මව්රට දියුණුවෙමින් පවතින රටක් නොවේ. දියුණු රටක් ලෙස මේ මොහොතේ හැඳින්විය හැක. දියවන්නා ඔයේ සිටින හැලිවඳුරන් 225ම වංකයින් ලෙසත් ප්‍රසිද්ධියේ කීමට අප කිසිවිට පසුබට නොවෙන්නෙමු.

:       1       63

ලසන්තMonday, 02 September 2019 01:24 AM

චතුෂ, කියන ලෙසට සභාපතිවරයා බලය අයුතුලෙස භාවිතා කරනවා කීමෙහි වරදක් නැත කියල හිතෙනවා.

:       39       8

kolam boss Sunday, 01 September 2019 03:11 PM

මෙයාට ලංකාවේ මිනිස් ජීවිතයකට වඩා වටිනවා හොර ඡන්දයක් දාන එක නවත්වන එක... කලින් ඡන්දෙදි කිව්වනේ හොර ඡන්දෙ දාන්න අාවොත් ඔලුවටම වෙඩි තියන්න කියලා. මෙයාගේ විකට කතා අහලා කිසිම පොලිස්කාරයෙක් සහගහන අපරාධයක් නම් කරගත්තේ නැහැ. මේ වතාවේ මොන විකට කතාවක් කියයිද දන්නේ නැහැ...

:       509       521

රජින්දSunday, 01 September 2019 06:56 PM

රට-තොට ගැන ඔබගේ දැනුම සම්බන්ධව කණගාටුවන අතර, හොර ජන්දයක් දැමීමක් යනු මහා ජනතාවකගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන මතයක් යටපත් කිරීමකි. එය ව්‍යංගාර්ථයෙන් ජනමතය විකෘති කිරීමකි. එහෙත් ඔබ සිතුවොත් දේශපාලකයින් පිල් මාරු කරනවිට එයද ජන මතය යටපත් කිරීමක් කියා, එය එසේ නොවේ. ඒ මන්දයත් කුමන පක්‍ෂයකින් හෝ පෙරමුණකින් මේ රටේ කවර ආයතනයක ජනතා නියෝජිතයෙක් පත් වුවත් ඔහු එතැන් පටන් කිසිදු පක්‍ෂයක පාක්‍ෂිකයෙක් නොවන අතර ඔහු රජය වෙනුවෙන් පොදු ජනතා සේවකයෙක් විය යුතුය. නමුත් ලංකාවේ මෙය සිදුවන අකාරය අවුල් සහගතය.

:       1       13

DDSunday, 01 September 2019 09:55 PM

කතාවෙන් එහෙම කිව්වට මම හිතන්නේ නෑ එක ක්‍රියාත්මක කරනවා කියල. අපේ අයට එහෙම නොකියත් බෑ.

:       11       75

athuraMonday, 02 September 2019 04:17 AM

හැබැයි රජාගේ කාලෙ හිටපු අයට වගේ ආතතිය නම් හැදුනෙ නැහැ.

:       0       52

ආන්ජලො නුගාරා Sunday, 01 September 2019 05:04 PM

2015 බලය දුන්නෙ යහපාලනය,කොමිසම් ගේන්නනෙ.කොමිසමෙ බලය සබාපතිගේ එකපුද්ගල තිරණ නෙමෙයි.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site