IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිගේ අමාත්‍යාංශ තුනක ඉහළ නිලධරයන් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනා අනුව පහත සඳහන් පත් කිරීම සහ අනුයුක්ත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

* දැනට පුරප්පාඩුව පවතින වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා කොම්ස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාර එම්.කේ. ප්‍රදීප් කුමාර මහතා පත් කිරීම.

* දැනට පුරප්පාඩුව පවතින සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරී, පී. එම්. කේ. හෙට්ටිආරච්චි මහතා පුර්ණ කාලීනව වැඩ බැලීම පිණිස පත් කිරීම.

* කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එස්.එච්.ඩී. කළුතන්ත්‍රි මහත්මිය වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට සහ ඒ අනුව පුරප්පාඩු වන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීම.

* දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු. ඩී. එන්. ජයවීර මහතා නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම.



අදහස් (0)

ජනපතිගේ අමාත්‍යාංශ තුනක ඉහළ නිලධරයන් පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site