IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘

(ජේ.ඒ.එල්. ජයසිංහ)

‘මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ.‘

අද රට තුළ ඉතා භයානක  තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ දිය නොහැකියි. ඒ නිසා බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ  එහෙම කරද්දී අප ආණ්ඩුවෙන් එළියට දැම්මා යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  මල්වතු පාර්ශවයේ මහානාහිමියන් හමුවී ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂ 11 එකතුවෙන් එළි දැක් වූ රට හරිමඟට වැඩ සටහන සම්බන්ධව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරවංශ, උදය ගම්මන්පිල,වාසු දේව නානායක්කාර  ඇතුළු පිරිසක් මහනුවර ගිය අවස්ථාවේ මේ බව පැවැසීය.

ඇමෙරිකාවට සහ ඉන්දියාවට ලංකාවේ යම් යම් කොටස් හා අංශ ගිවිසුම් මගින් රට රටවලට දෙන එක ගැන රටේ ජනතාව අතර නිරන්තර කතිකාවතක්  ගොඩ නැඟී තිබෙනව්. මේ සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයක් නැති බව ජනතාව කතාකරනවා. යුක්රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන තත්වය මෙ රටට ගෙන එන්න සූදානමක් තිබෙනවා දැයි  මල්වතු නා හිමියෝ දේශපාල නියෝජිතයන් හමුවේ කියා සිටියහ.



අදහස් (0)

‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site