IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝ උසාවියට

මේජර් ජනරාල් ජානක පෙරේරා ඉල්ලක කරගෙන අනුරාධපුරෙයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරය එල්ල වූ අවස්ථාවේ  රූපවාහිනී මාධ්‍යවේදියකු සතුව තිබු වීඩියෝ කැමරාවේ පටිගතව ඇති බෝම්බය පුපුරා යන වීඩියෝ අඟහරුවාදා (29)  අනුරාධපුර මහාධිකරණයේ දී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතාට මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව එම දර්ශන ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රහාරයෙන් මියගිය අනුරාධපුර මාධ්‍යවේදී රස්මි මහරුෆ් මහතාගේ වීඩියෝ කැමරාවේ පටිගතව ඇති දර්ශන පටයේ මුල් පිටපත   අධිකරණ නියෝගයක් මත දැනට රහස් පොලිසිය බාරයේ ඇත.

මෙම අපරාධය සිදු කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් දෙවැනි  විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වන සම්මුගනාදන් සුදාහරන් ට අනුරාධපුර මහාධිකරණය විසින් මීට පෙර විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කැරිණි.

පළමු විත්තිකාර උමාර් හබිතාබ් ඔහුට එරෙහිව  මහාධිකරණය හමුවේ ඇති  අධි චෝදනා 48 ටම නිවැරදිකරු බව පැවසීම නඩුව තවදුරටත් විභාග කෙරෙයි.



අදහස් (0)

ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝ උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site