(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7(අ) (¡¡¡] සහ 7(අ) (v) ප්‍රකාරව එම සභාපති ධූරයේ සහ සාමාජිකත්වයේ තවදුරටත් කටයුතු කරගෙන යෑමට නුසුදුස්සකු බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ 2023 අප්‍රේල් 18 දින ඇති වාර්තාවෙන් දන්වා ඇතැයිද ඒ අනුව රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටින්නේ යැයිද න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති මෙම යෝජනාවේ දැක්වේ..
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනක ඉවත් කෙරෙන යෝජනාව න්‍යාය පුස්තකයට
Kazi Shajahan Sunday, 14 May 2023 04:14 PM
පාර්ලිමේන්තුවේ 120 ඔබට විරුද්ධව ඡන්දය දෙයි... ඒත් මිලියන 22 ජනතාව ඔබත් එක්ක එන්නේ ජනක.. ඔබ විතරයි කොන්ද තියෙන රජයේ නිලධාරියෙක් වගේ වැඩ කළේ...
Sunil Sunday, 14 May 2023 04:33 PM
හැකි ඉක්මණීන් කළ යුතු දෙයක්...
Dharmatileke Sunday, 14 May 2023 04:58 PM
සාධාරණයට කෙළින් කතා කරන නිලධාරීන් අපේ රටේ බිහිවෙන්නේ කලාතුරකින්... ඔබ ඉවත් කරන අය ඉන්නේ රෙද්දක් පිටුපස...
Jagath Wickramasekara Monday, 15 May 2023 06:39 AM
පිස්සු වැඩ තමයි...
Rohana Monday, 15 May 2023 07:08 AM
ලොක්කන් කියන හැමදේටම යර්ස් සර් කියන්න වෙනවා නම් කොමිසම කුමකටද? කොමිසම් අද දේශපාලන බලවතුන්ගේ ග්‍රහණයට ලක්වෙලා. කොමිසම් ස්වාධීනයි කියන්නේ අමූලික බොරුවක්...
විසිල් රාජ Monday, 15 May 2023 07:57 AM
පර දේශපාලන/ ඡන්ද වාසි ගන්න අවුරුදු ගාණක් විදුලි ගාස්තුව වැඩි නොකර හිටියා. එහෙම කරලා කෙලෝ ගත්තාම එක වතාවේ විදුලි ගාස්තුව වැඩි කළා. දැන් නිලධාරින්ගේ පැත්තට දානවා වැරැද්ද...