(මොහොමඩ් ආසික්)
අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
අද (21)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය. මෙහිදී මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.
මැතිවරණ නීති බලාත්මක කරන්නේ කොහොමද කියලා මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. මැතිවරණ නීති බලාත්මක කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. මේ මැතිවරණවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සංග්‍රහ කිරීම.නොයෙකුත් දේවල් බෙදා හැරීම. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම , අනවසර පෝස්ටර් සහ කටවුට් යනාදිය. මේවා පාලනය කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා යැයිද බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තව දුරටත් කීය.
ප්‍රශ්නයකට පිළිතුරුදුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ තව සුමාන දෙකකින් පස්සේ බවයි.
මැතිවරණ කොමිසම ලියන සියලු ලිපිවල අගෝස්තු මස පස් වනදා පැවැත්වීමට නියමිත මැතිවරණය කියා ලියන බවත් කිසිදු ලිපියක පවත්වනු ලබන කියා නොලියන බවත් පවත්වනු ලබන බවට ලියන්නේ තුන් වනදා සිට බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’