IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාතියට සේවය කරමින් අභියෝග ජයගැනීමට නම් ව්‍යස්ථාදායකය සහ විධායකය එකට එක්විය යුතුයි

ජාතියට සේවය කරමින් අභියෝගවලට මුහුණදීමට නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ශක්තිමත් සම්බන්ධයක් පැවැතිය යුතු බව බහරේන අගමැතිවරයා පසුගියදා අවධාරණය කළේය.


“මේ තීරණාත්මක අවධියේ දී තර්ජන වළක්වාගනිමින් විනාශදායක අදහස් මර්දනය කිරීමට නම් පරීක්ෂාවෙන් සහ අවධානයෙන් සිටිය යුතුයි” යැයි පාර්ලිමේන්තුවේ සංචාරයක යෙදෙමින් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. රටට සේවය කිරීම සඳහා සියලුදෙනාම එක්සත් විය යුතු බවද අගමැති කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු අවධාරණය කළේය.


මෙම සංචාරයේදී බහරේන පාර්ලිමේන්තුවේ සභාපති අහ්මඞ් අල් මුල්ලා, ෂුරා කවුන්සිලයේ සභාපති අලි සලේහ් අල් සලේහ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවූ අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ගමනට බාධාකරන සියලු උත්සාහයන් ව්‍යර්ථ කළයුතු බවද පෙන්වා දුන්නේය. බහරේනයේ දේශපාලන සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සියලුදෙනාගේම අවධානය යොමුකිරීමේ ඇති වැදගත්කමද අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.


මෙහිදී පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය ගැන අවධාරණය කළ අගමැතිවරයා රජය වැදගත් ජාතික අවශ්‍යතාවයන් කරා ළඟාවීමේදී පාර්ලිමේන්තුව වැදගත් සහකරුවෙක් වන බවද පැවැසීය.



අදහස් (0)

ජාතියට සේවය කරමින් අභියෝග ජයගැනීමට නම් ව්‍යස්ථාදායකය සහ විධායකය එකට එක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site