
(සුජිත් හේවාජුලිගේ)
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ජාතික ලැයිස්තුවලට පක්ෂ නායකයන් විසින් නම් කරනු ලැබ ඇති ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමද මෙම ගැටුම් උත්සන්න වීමට තවත් හේතුවක්වී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික ජන බලවේගය හැර අනෙකුත් පක්ෂ බොහොමයක් නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙවර මහ මැතිවරණයේදී තරග කිරීමෙන් තොරව ජාතික ලැයිස්තුවට ඇතුල්වීමට කාලයක සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි ඇති බවත් ඉන් බොහෝ පිරිසකට මහ මැතිවරණයේදී තරග කරන ලෙස පක්ෂ නායකයන් පැවසීමෙන් පක්ෂ තුළ මත ගැටුම් මෙසේ උග්‍ර වී ඇති බවත් සඳහන්වේ.
මේ අතර හිටපු මැති ඇමතිවරුන් තිහකට ආසන්න පිරිසක් විවිධ හේතු මත ඉදිරි මහ මැතිවරණයේදී තරග නොකිරීමට තීරණය කර ඇත.
මුදල් ගැටලු, තරග කර ජය ගත නොහැකි බවට අදහසක් ඇතිවීම සහ දේශපාලනය ගැන කලකිරීම මහ මැතිවරණයට තරඟ නොකිරීමට බලපා ඇති එම හේතු අතර වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
nimal Saturday, 12 October 2024 01:33 PM
ජේ.ආර්. ට පින්
gama Saturday, 12 October 2024 01:55 PM
මේ ඔක්කොම අතුගාලා දාන එක පුරවැසියන්ට බාරයි
විපරමා Saturday, 12 October 2024 03:04 PM
ජාතික ලැයිස්තු ක්‍රමවේදය අවලන්ගු කළයුතුයි. දූෂිත දේශපාලුවන්ට, නාකි මහල්ලන්ට, දේශපාලුවන්ගේ හෙන්චයියන්ට එන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමය ජාතික ලැයිස්තුව?
Amal Saturday, 12 October 2024 04:11 PM
2/3 මාලිමාවට දීලා මේ පිං පඩි කාරයින්ට ආය නොඑන්නම නීති හැදුවා නම් වගකීමක් ඇති අය විතරක් දේශපාලනේට ඒවි...
primeshika Saturday, 12 October 2024 04:27 PM
ජාතික ලැයිස්තුව යනු පක්ෂයට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය මත ජනතා කැමැත්තකින් තොරව පක්ෂයේ කැමත්ත මත පමණක් සිදු කරන්නක් බැවින් මෙය අහෝසි කල යුතුය.
ගමේ එකාලා Saturday, 12 October 2024 05:15 PM
පහුගිය කාලවල ජාතික ලැයිස්තුවලින් ආපු අය කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ජනතා කැමැත්තෙන් එනවා මිසක් ජාතික ලැයිස්තු ක්‍රමය රටට අවශ්‍ය නැහැ.