
(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුකෙරේ.
හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 ක් වෙනුවෙන් ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය මෙසේ යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කාර්ය මණ්ඩලය දායක කරගෙන විශේෂ පෙරහුරුවක්ද අද පැවැත්වේ.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64000ක් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

(කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

පුත්තලම ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

(කුරුණෑගල චාන්දනී දිසානායක)

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ සිට ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙනයාම
(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අදිකාරි)


නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ සිට ජන්ද පෙට්ටි සහ ජන්ද පත්‍රිකා නිකුත් කිරිම සිදු කෙරුණ අයුරු
(රංජිත් රාජපක්ෂ)


බදුල්ල මධ්‍ය මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සහ බදුල්ල ධර්මදූත මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේන් මෙසේ අදාල ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි නිකුත් කළ අයුරු.
(ප්‍රසාද් රුක්මල්)


රත්නපුර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 700කට ජන්ද පෙට්ටි නිකුත් කිරීම රත්නපුර තාක්ෂණ විද්‍යාලය, නව නගරයේ කුමර විද්‍යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය යන ස්ථාන වලින් ඇරැඹිණි.
(අජිත්ලාල් ශාන්ත උදය)

වන්නි මැතිවරණ කොට්ඨාසයේ වවුනියාව , මන්නාරම ,මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ඡන්ද පෙට්ටි රැගෙනයාම
(මඩුකන්ද -සිතුම් චතුරංග සහ වවිනියාව රොමේෂ් මධුෂංක)

ත්‍රිකුණාමලය විපුලානන්ද මහා විද්‍යාලය ගණන් කිරීම පරිශ්‍රයේ සිට ඡන්ද මධ්‍යස්ථාන 318 සඳහා ඡන්ද පෙට්ටි පිටතකෙරුණු අයුරු.
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨ පරිශ්‍රයේ සිට දැඩි ආරක්‍ෂාව යටතේ අදාල නිලධාරීන් විසින් ඡන්ද පෙට්ටි ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරෙන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරය.
( තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි.)

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ දි ඡන්ද පෙට්ටි නිකුත් කිරිම සිදුකරණු අයුරු
(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

පොල් ගොල්ලේ පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඡන්ද පෙට්ටි පත්‍රිකා නිකුත් කෙරුණ අයුරු
(ෂේන් සෙනෙවිරත්න)
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි