
(ගයාන් සූරියආරච්චි)
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව පොලිස් නිලධාරීන් 70,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 3200 ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් මැතිවරණ රාජකාරිය සදහා සෘජුව යෙදීවීමට නියමිත අතර පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යෙදවීමෙන් පසු ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා නිලධාරීන් 11,000 ක් පමණ යෙදවීමට නියමිත බවද තල්දූව මහතා කීය.
ඊට අමතරව ජංගම සංචාර සදහා පොලිස් නිලධාරීන් 3109 ක්, මාර්ග බාධක සදහා නිලධාරීන් 269 ක්, කැරළි මර්දන කණ්ඩායම් 241 ක් ද විශේෂ රාජකාරී සදහා යෙදවීමට නියමිතය.
මැතිවරණය රාජකාරිය සදහා අවශ්‍ය වුවහොත් තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් කණ්ඩායම් සූදානමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
බමුණුආරච්චි Thursday, 14 November 2024 01:18 PM
රටේ කලබල ඇතිකලේ ජෙප්පෝ නැතුව අනික් පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයට ඡන්දේ පාවිච්චි කළා පමණයි. මේ ජේවීපී උන් ජේවීපී වුණාම අපිවත් ජෙප්පෝ කරන්න හදනවා. කාලකන්නි!