IMG-LOGO

ඡන්දය දීමේ ප්‍රතිශතය චුට්ටක් වැඩි වේ

දහවල් 2.00 වන විට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්ම වූ බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 

අද පස්වරු 2 වන විට ගම්පහ සියයට 52,මාතර සියයට 49.5, කෑගල්ල සියයට 50, රත්නපුර සියයට 55, කොළඹ සියයට 50, නුවරඑළිය සියයට 60. ගාල්ල සියයට 50, හම්බන්තොට සියයට 48, මුලතිව් සියයට 50, අනුරාධපුර සියයට 52,පොලොන්රුව සියයට 51,පුත්තලම සියයට 41ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

-------------------------------------------------------

12.00

උදෑසන 7.00 සිට දහවල් 12.00 වන විට දිවයිනපුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 40ක් පමණ වූ බව මැතිවරණ කාර්යාල පවසයි.

ඇතැම් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම යම්  උදාසීන තත්වයක් පැවැති බව ද එම ආරංචි මාර්ග කියයි. 

දහවල් 12.00 වන විට අනුරධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 30කි. ජනපතිවරණයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහවල් 12.00 වන විට සියයට 70 පමණ ප්‍රතිශතකයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. 

නුවරඑළිය සියයට 40ක් ද, පෙරවරු 10.00 වන විට මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 24ක්ද. පෙරවරු 10.00 වන විට ගම්පහ සියයට 20 ද,අම්පාර දහවල් 12 වන විට  සියයට 37ක්, බදුල්ලේ සියයට 41.3ක්ද,රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 35ක් ද, පුත්තලම දිස්ත්‍රික්යයේ සියයට 35ක්  වශයෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය. 

(රන්ජන් කස්තුරි තිලකරත්න දිසානායක,ඥානසිරි හෙට්ටිආරච්චි, දයාරත්න ඇඹෝගම, ජේ.ඒ.එල්.ජයසිංහ,එම්.ඩබ්ලිව්.සෝමරත්න, පාලිත ආරියවංශ,අජිත්ලාල් ශාන්තඋදය)  



අදහස් (0)

ඡන්දය දීමේ ප්‍රතිශතය චුට්ටක් වැඩි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site