IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චිත්‍රපයකට ලෙසින් සිදු කළ බැංකු කොල්ලය

(විමුක්ති එස් රුද්‍රිගු)

හොලිවුඩ් චිත්‍රපටයක බැංකු කොල්ලයක් මතක් කර දෙමින් කොල්ලකරුවන් පිරිසක් විශාල විදින කටුවක් භාවිත කරමින් බටහිර ජර්මනියේ බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක මුදලක් කොල්ල කා ඇතැයි එරට පොලිසිය පැවැසුවේය.

කොල්ලකෑම සුප්‍රසිද්ධ ඕෂන් එලෙවන් චිත්‍රපටයේ ජවනිකාවක් මතක් කර දෙන බවත් කොල්ලකෑම සිදුකර ඇත්තේ පළපුරුදු කොල්ලකරුවන් පිරිසක් බවට සැකයක් පවතින බවත් ජර්මනි පොලිසිය ප්‍රකාශ කළේය.

කොල්ලකරුවන් බැංකුවේ තිබූ සේප්පු 3000 ක් පමණ විවෘත කර ඇති බවත් එහි මුදල් සහ රන් ආභරණ තිබී ඇති බවත් එරට පොලිසිය පැවැසුවේය.

නත්තල් දිනවල නිහඬතාව ප්‍රයෝජනය ගනිමින් කොල්ලකරුවන් පිරිස කොල්ල කෑම සිදුකර ඇති බවත් කොල්ල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කළේය.

බැංකුවට යාබද ගොඩනැගිල්ලක සිට විශාල විදින කටුවක් භාවිත කරමින් කොල්ලකරුවන් පිරිස සේප්පුවට ඇතුළු වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද ජර්මානු පොලිසිය පැවැසුවේය.

 



අදහස් (0)

චිත්‍රපයකට ලෙසින් සිදු කළ බැංකු කොල්ලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site