IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චාවා බෝම්බයට 11ක් සැකපිට : වාහන අටකුත් පොලිස් බාරයට

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් කට්ටලයේ ප්‍රධාන සැකකරු සමගින් සබදතා පැවැත්වූ බව කියන සැකකරුවන් 11දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 බෝම්බ ඇදුම් කට්ටලයේ ප්‍රධාන සැකකරු වන එඩ්වඩ් ජුලියට්   පුනරුත්තාපනය නොවූ හිටපු කොටි සාමාජිකයා හා දුරකතන මාර්ගයෙන් සමීප සබදතා පැවැත්වීම මත මෙම සැක්කරුවන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන ඇත.

 තවත්  සැකකරුවන් දෙදෙනෙකු සොයා ත්‍රස්ත විමර්ශන ඒක්කය මේ වනවිටත් මෙහෙයුම් අරඹා තිබේ.

මේ අතර මෙම බෝම්බ ඇදුම් කට්ටලය හා පුපුරනද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් වෑන් රථ දෙකක් ඇතුළු වාහන අටක්ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

චාවා බෝම්බයට 11ක් සැකපිට : වාහන අටකුත් පොලිස් බාරයට

හිමල් Thursday, 28 April 2016 06:46 AM

පොලිස් විමර්ෂනේට හොරුන්ටයි හොරුන්ට උල්පන්දම් දෙන අයටයි හොඳටම රිදිලා. සැක කටයුතු දෙයක් ගැන හොයන එක වැ‍රැද්දක් නෙවෙයිනේ.(අ)

:       0       0

නිහාල් Wednesday, 27 April 2016 07:16 PM

එදා සමහරු කියපු බොරු අද සත්‍ය වේගෙන එනවා නේද? (නි)

:       0       0

සිරි කටාර් Thursday, 28 April 2016 07:37 AM

රටේ ආරක්ෂාව අනතුරේ යහපාලනය මුකුත් කරන්නේ නෑ කිව්වා.දැන් කොටි අල්ල අල්ල පරීක්ෂණ කරනකොට වැඩියෙන්ම අමාරුව තියෙන්නේ දේශ ප්‍රේමීන්ටනේ .මොනවා කියන්නද මන්ද. (අ)

:       0       0

විජේ Wednesday, 27 April 2016 09:39 PM

සද්ද නැතුව එහෙම තමා වගකීමෙන් පරීක්ෂණ කටයුතු කරන්න ඕනෑ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 April 2016 11:10 PM

මේක පරණ එකක් කියා නේද කිවුවේ? ඇයි එහෙනම් මේ ගැන ඔපමන සොයන්නේ? කාවද මේ රවටන්න හදන්නේ? (නි)

:       0       0

ඇසළ Wednesday, 27 April 2016 11:51 PM

ඕව පරණ බඩුනේ. මොකට ඔච්චර හොයලා මහන්සිවෙලා වියදම් කරනවද? අහිංසක මිනිස්සු අත්අඩංගුවේ තියාගෙන ඉන්නවද? වැඩිම වුණොත් ඉතින් ළඟදීම පුපුරයි එකක් විතර... (නි)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්දන මෙල්බර්න් Thursday, 28 April 2016 12:20 AM

එදා ඔය බෝම්බය දකුණට ගෙනෙන්න හදන එකක් කිවුවහම සමහරු කිව්වේ ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා නේද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 28 April 2016 04:37 AM

මාළු අල්ලන එක තහනම්ද ? (බ)

:       0       0

අරුණ Thursday, 28 April 2016 05:58 AM

ජීඇල් මහත්තයාව ලොකු මාධ්‍ය සංදර්ශනයක් දාලා ලජ්ජා කළා (බ)

:       0       0

ඇසළ Thursday, 28 April 2016 06:02 AM

නිහාල්, විල්ෆ්‍රඩ් වරද නිවැරදි කරගන්න. සම හරු නෙමෙයි සම හරක්. මෙහෙම ආමන්ත්‍රණය කළේ නැත්නම් තේරෙන්නේ නැහැ. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 28 April 2016 06:09 AM

කොටි සංවිධානය යලි හිස එසවීමක්ද...(බ)

:       0       0

විපුුල Thursday, 28 April 2016 06:11 AM

බලාගෙන ගියාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැත්තේමත් නැහැ. දැන් ඉන්න පාලකයන් කියන්නේ කිසිම වගකීමක් නැති කතා නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site