IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චාලි චැප්ලින්ගේ කෞතුකාගාරය

20160421Charile-1එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම හාස්‍ය නළුවා වූ චාලි චැප්ලින් වෙනුවෙන් නිර්මාණය කරන ලද චාල් චැප්ලින් කෞතුකාගාරය පසුගිය අප්‍රේල් 18 වැනිදා ස්විස්ටර්ලන්තයේදී විවෘත විය. දශක දෙකකට අධික කාලයක් ඇමරිකාවට යාමද තහනම් වී තිබූ චැප්ලින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර ඔහු සිය අවසන් කාලයේ ස්විස්ටර්ලන්තයේ ජීවත් වූ නිවසම මෙසේ කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කිරීම කැපී පෙනේ. එසේම මෙම කෞතුකාගාරය සිනමා ශාලාවකින්ද සමන්විත වීම විශේෂත්වයකි.

2000 වසරේදී කැනේඩියානු කලා මණ්ඩලයේ පාලකයකු වූ යුවිස් ඩුරන්ඩ් (Yves Durand)ට මෙවන් කෞතුකාගාරයක් නිර්මාණය කිරීම අවැසි වූ නමුත් එම සිහිනය සැබෑවක් කර ගැනීමට වසර 15ක් ඔහුට බලා සිටීමට සිදුවිය. එම නිවස 'Chaplin Disneyland' ලෙස නම් කිරීමට යෝජනා වීමත් සමග එයට දැඩි ලෙස නීතිමය බලපෑම් පැමිණීමත්, ස්විස්ටර්ලන්ත රජයේ ක්‍රියාවලියට අනුකූලව ගමන් කිරීමට සිදුවීමත් මීට හේතුවයි. 

කෙසේනමුත් පසුගිය ඉරිදාට යෙදුණු චැප්ලින්ගේ 127 වැනි ගුණානුස්මරණය හේතුවෙන් මෙම සිහිනය සත්‍යයක් කර ගැනීමට ඔවුන්ට හැකි වූ අතර, මෙම කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ජෝන්-පියරේ පිජියොන්ය. එසේම ඔහු පවසන්නේ වසරකට මෙම කෞතුකාගාරය නැරඹීම සඳහා ලක්ෂ 3කට අධික ජනකායක් පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් මෙම කෞතුකාගාරයේ වාස්තු විද්‍යාත්මක කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමට වාස්තු විද්‍යාඥයකු වන පිලිප් මේලන් ඉදිරිපත් වූ අතර, චැප්ලින් ඔය නැවතත් ප්‍රතිනිර්මාණය වන්නේ මේ අනුවයි. එසේම චැප්ලින්ගේ නිවසේ කාමරද ප්‍රතිනිර්මාණය වී ඇති අතර ප්‍රේක්ෂකයන් 150කට චිත්‍රපටය නැරඹීමට තරම් පහසුකම් ඇති කුඩා සිනමා ශාලාවක්ද එය සතුයි.

20160421Charile-21952 වසරේදී  සිය නවත ම නිර්මාණය වූ %Limlight^ යුරෝපය පුරාම ප්‍රදර්ශනය කිරීමට යාමෙන් ඇමෙරිකාවට නැවත ඇතුළුවීම තහනම් කර ගත් චැප්ලින්ට එහිදී සිදුවූයේ එකල පාලකයන් තුළ මෙම සිනමා කෘතිය පිළිබඳ පැවැති කොමියුනිස්ට් දෘෂ්ටිවාදී ආකල්පයේ බලපෑමයි. විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයට පසුව ඇමෙරිකාවේ ක්‍රියාත්මක ජෝෂප් මැකාති පාලනය ඔහුට තදින්ම බලපෑ අතර සිය බිරිඳ ඕනා ඕනෙල්(Oona O’Neill) සහ අටදෙනෙකුගෙන් යුතු ඔහුගේ දරුවන් සමග ස්විට්සර්ලන්තයේ පදිංචියට පැමිණෙන්නේ ඒ අනුවයි.

පිටිසර බව මුසු ඉතා මනස්කාන්ත පරිසරයකින් යුතු මෙම වටපිටාවේ වපසරිය අක්කර 35ක් පුරා දිවයයි. ඊට අලංකෘත ඔයක් සහ කඳුවැටිද ඇතුළත්ය.

“මගේ ඉඩම දිගහැරී යාම ආත්මය නිදහස් කර ගැනීමට හැකි තරම් විශාලයි. ඔබේ බුද්ධියේ සීමාව අලුත් කරන තරම් ගුණාත්මකයි* වරක් චැප්ලින් තම නිවස අයත් භූමි භාගය ගැන මෙසේ මාධ්‍යයට පැවසුවේද එබැවිනි.

කෙසේනමුත් මේ මොහොතේදී රසිකයන්ගේ පාරාදීසයක් බවට ඇති චැප්ලින් කෞතුකාගාරය තුළදී රසිකයන්ට ඔහුගේ කටහඬටද නව තාක්ෂණය ඔස්සේ සවන් දීමට පහසුකම් සපයා තිබේ.

ග්‍රෙවින් නම් ප්‍රංශ සමාගමක නිර්මාණ සැලසුමකට අනුව නිර්මාණය වුණු මෙම කෞතුකාගාරයට ලොව ඇති සෙසු කෞතුකාගාරවලද පවතින සුවිශේෂී ගුණාංග ඇතුළත් කර ඇති අතර, ග්‍රෙවින් සමාගම මෙවැනි දෙයක් තමන්ට ලැබීම ගැන පවසන්නේ තමන්ගේ සමාගමේ සිහිනයක් සැබෑ වූවා වැනි බවයි.

චිත්‍රපට 81ක තැටි ගබඩාවක්ද, චැප්ලින්ගේ 15000කට අධික ඡායාරූප එකතුවකින්ද සමන්විත මෙම කෞතුකාගාරය ඓතිහාසික කෞතුකාගාරයක් වනු ඇතැයි පැවසෙයි. මීට චැප්ලින්ගේ පවුලේ එකතුවක්ද, සිනමාවේදී චැප්ලින් භාවිත කළ සූට්කේසයක් සහ තොප්පියක් ඇතුළු බඩු බාහිරාදීන් විශාල ප්‍රමාණයක්ද ඇතුළත් වේ.

මාළු බාන්නෙක්, පරිසරවේදියෙක්, වයින්වලට ඇබ්බැහි වූවෙක්, විනෝදකාමියෙකු ලෙස චැප්ලින්ගේ අප නොදුටු පැතිකඩ කිහිපයක්ම පිළිබඳ දැනුවත් කිරීමේ සැලසුම්ද ක්‍රියාත්මක වන මෙහිදී, චැප්ලීන්ගේ අඳුරු අතීතය පිළිබඳවද දැනගැනීමට හැකිවනු ඇත.

විශේෂයෙන්ම තම පියා තමන් කුඩා කාලයේදීම මිය යාමත්, මව විටින් විට මානසික රෝහලට ගෙන යාමත් ඔස්සේ අනාථ දරුවකු සේ හැදී වැඩුණේ කෙසේද, පසුව එය ඔහු 1921 වසරේදී නිර්මාණය කළ 'The Kid' චිත්‍රපටය නිර්මාණය කිරීමට බලපෑවේ කෙසේද වැනි බොහෝ තතු එහි නැරඹීමට යන ප්‍රේක්ෂකයන්ට දැනුවත් වීමට හැකිවනු ඇති අතර ඔහුගේ පවුල් ජීවිතයේ තොරතුරුද දැන ගැනීමට හැකිවනු ඇත.

එසේම  1914 වසරේ නිපදවූ 'Kid Auto Races at Venice', 1936 වසරේදී කාර්මික විප්ලවය පාදක කර ගනිමින් නිපදවූ ;Modern Times^ (1936), ෆැසිස්ටාවදය උපහාසයට නගමින් නිපදවූ  %The Great Dictator^ (1940) සහ උච්ඡේදවාදය තේමා කර ගනිමින් නිපද වූ 'The Gold Rush' (1925) යන චිත්‍රපට පිළිබඳ අමතක නොවන මතක සටහන් ගොන්නක් එක්කර ගැනීමට මෙම කෞතුකාගාරය නැරඹීමට යන ප්‍රේක්ෂකයන්ට හැකි වනු ඇත.

මාලන් විදානපතිරණ / අනුෂි දන්තනාරායන



අදහස් (2)

චාලි චැප්ලින්ගේ කෞතුකාගාරය

Thiviru Premerathne Tuesday, 25 December 2018 01:46 AM

චාලි චැප්ලින් ගේ පළවෙනි චිත්‍ර පටිය නැහැ..

:       0       0

thiviru premerathneWednesday, 18 October 2023 07:39 PM

චැප්ලින් ගේ පලමු චිත්‍රපට ය Making a living 1914....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site