IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘චීන ගෙවල් එපා‘ : යාපනයේ උද්ඝෝෂණයක්

උතුරු නැගෙනහිර ඉදිකිරීමට නියමිත රජයේ නිවාස 65,000ට මෙන්ම යාපනයේ චුන්නාගම් ජල ගැටළුවට මෙතෙක් විසඳුමක් නොලැබීම හා ත්‍රීකුණාමලය සාම්පූර් තාප විදුලි බලාගාරයට ඉදිකිරීමට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක් පැවත්විණි.

යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය  යාපනයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ රජය මගින් උතුරු නැගෙනහිර යුද අනාථයින් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත චීන නිවාස 65000 ක ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසයි.

ඔවුන් පෙන්වා දුන්නේ චීන නිවාස සියල්ලම පෙරසවි  නිමි නිවාස බැවින් එම නිවාස පළාතේ දේශගුණයට, සංස්කෘතියට,හා ආරක්ෂාවට නොගැලපෙන බැවින් චීන නිවාස වෙනුවට ස්ථිර නිවාස දෙන ලෙසයි.

jaffnapicket_2016410 jaffnapicket_2016410-2 jaffnapicket_2016410-3



අදහස් (0)

‘චීන ගෙවල් එපා‘ : යාපනයේ උද්ඝෝෂණයක්

ජයන්ත Sunday, 10 April 2016 01:35 PM

එහෙනම් ඉතින් පරණ කුඩාරමට වෙලා ඉන්න තියෙන්නේ පවට පින්දෙන්න බැහැනේ පාරේ නිදය ගනිල්ලා. ඉන්දියාව ඕනි විදියට රට ගෙනියන්න බැහැ චීනය අපේ සැබෑ මිතුරා. (බ)

:       0       0

සේන Sunday, 10 April 2016 07:02 AM

චීන නිවාස වගේම ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු නිවාසත් එපා . මේ විරෝධය සංවිධානය කළේ රෝ ඔත්තු සේවයෙන් නෙමේ වෙන්ටෑ.(බ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 April 2016 07:49 AM

තනිකරම ඉන්දීය පාලනයක් උතුරු නැගෙනහිර තියෙන්නේ.නැත්තම් චිනගේ වැඩවලට ඇයි මෙයාලා මෙච්චර උඩ පනින්නේ.(හේ)

:       0       0

මොරිස් Sunday, 10 April 2016 09:20 PM

ඉන්දියාවේ වගේ පාරේ තොටේ නිදාගන්නද දන්නෙ නැහැ එයාලා කැමති? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 10 April 2016 11:03 PM

තල් අතු සහ පොල් අතු ටිකක් යවන්න ගෙවල් හදාගන්න කියලා. සංස්කෘතියට හා ආරක්ෂාවටත් ගැළපෙනවා (නි)

:       0       0

විපුල Sunday, 10 April 2016 08:45 AM

එපානම් ඒ අයට කදවුරු හොද ඇති .... ඔන්න ඔය ටික දකුණේ අහිංසක ගෙයක් නැති අසරණ සිංහල පවුල් වලට දෙන්න ... මොකද ඒ අය ගැන බලන්න කිසිවෙක් නැති නිසා ....(බ)

:       0       0

සුජීව Sunday, 10 April 2016 11:36 PM

විපුල හරි. ඔන්න ඔය නිවාස දකුණේ අයට දෙන්න. (නි)

:       0       0

චින්තන Sunday, 10 April 2016 09:24 AM

ගෙවල් හදන්නේ ලංකාවේ වැලි ,සිමෙන්ති ,ගල් වලින් මුදල් චිනංගෙන් ,ලංකාවේ පරිසරයට විදිහට, ලේසි විදෙහට හදනවනම් ගෙදර බිත්ති කොන්ක්‍රීට් වලින් හදල මුටුකරනවා .කාලයත් අඩුනේ .(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site