
(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ.
එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදා වලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවින් යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතය.
එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීමද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
සීයා Friday, 08 November 2024 09:54 PM
රු 30 තිහක්….? හිහ් හිහ් හිහ්
මංජුල Saturday, 09 November 2024 06:58 AM
රුපියල් 30/= ක් වගේ මුදලක් ලැබුණාම එයින් කරන්න දෙයක් නැහැ. ඒක නිසා වෙන්න ඇති භාණ්ඩාගාරයට යවන්න ඇත්තේ... ලිපියේ පළමු ඡේදය අනුව බලද්දී චීනය කියන්නේ ලැජ්ජාවක් නැති රටක් කියලා පෙන්වන්න උත්සාහ කර තියෙනවා.