
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක නවාතැන් ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 114 දෙනකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම පිරිස අතර චීන ජාතික කාන්තාවන් ද විස්සකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පොලිසිය කියයි .
එම චීන ජාතිකයන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක සියයකට අධික ප්‍රමාණයක් ද අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 300 කට ආසන්න ප්‍රමාණයක්ද චීන ජාතිකයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .
කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක කාමර 47 ක ඔවුන් නැවතී සිට ඇති අතර එම ස්ථානය පොලිසිය වට කරන විට ඇතැම් චීන ජාතිකයන් හෝටලයේ විවිධ අහු මුළු වල සැඟව සිටි බවද පොලිසිය කියයි .
මෙම චීන ජාතිකයන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද පොලිසිය කියන අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
ලුම්බිණි Sunday, 13 October 2024 05:39 AM
වීසා නැතුව තව තව චීන්නු ලංකාවට ගෙන්න ගන්න