(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම පොලිසිය හරහා හෙට (13) දිනයේ ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එහි පළමු පියවර ලෙස කොළඹ නගර සීමාවට ගෑස් 15,000 ක් හෙට නිකුත් කිරීමට නියමිත බවත් එම ගෑස් පොලිසියේ මැදිහත්වීමෙන් බෙදාහරින ආකාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
ලිට්‍රෝ සමාගමේ ගෑස් ලොරි රථවලින් ගෑස් අදාල ප්‍රදේශවල ක්‍රීඩාංගණ වෙත ගෙන ගොස් පොලිස්යේ සෘජු මැදිහත් වීමෙන් අළෙවි කිරීමට සැළසුම් කර ඇති බව කී එම නිලධාරියා සඳහන් කළේ මීට පෙර ද පොදු ක්‍රීඩාංගණවල ගෑස් නිකුත් කර ඇති බවත්ය.
කොලඹ ආමර්වීරිය ප්‍රදේශයේදී පසුගිය සතියේ ගෑස් මංකොල්ලකෑමේ සිද්ධියක් ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය 9 වෙනිදා මැරයින් අරලියගහ මැදුරේ සිට ගෝල්ෆේස් දක්වා එනවිට නිර්පාක්ෂික නිරායුධ පිරිසට පහරදෙනවිට පොලිසියට නොතිබුණු ගෑස් මෙපමණ ඉක්මණින් ලැබුණේ කොහොමද?